අනුරාධපුර නගරයේ කලහාකාරි ලෙස හැසිරුණු 13ක් රිමාණ්ඩ්
අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝනය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (23) නියම කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඒවායේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පරීක්ෂක සංජීව මහානාම මහතාට තවදුරටත් නියම කරන ලදි.

popular news
-
Champa Tuesday, 23 April 2019 05:01 PM
පැහැදිලිවම පේන විදිහට ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා මේ බෝම්බ ප්‍රහාරයට පස්සේ බරපතල ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කරන්න. නොච්චියාගම පිපිරුම් ද්‍රව්‍ය, පිටකොටුවේ bomb detonators තව අහුමුළුවල අහු වෙහ්ච්ච එව්වා තමයි හොඳම උදාහරණ. හැබැයි ආණ්ඩුව හිතපු විදිහට සිංහල මිනිස්සු කලබල වුනේ නැහැ. ඉවසීමෙන් බලා හිටිය. ඒ හින්ද වැඩේ කරන්න බැරිවුනා.
Reply : 0 0
Champa Tuesday, 23 April 2019 05:04 PM
මෝඩ ආණ්ඩුව, දෙමල මුස්ලිම් ගැටුමක් උතුරේ හෝ නැගෙනහිර වෙන්න ඉඩ තියනව කියල හිතෙන්නේ නැත්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

