මෙය දීර්ඝ කාලයක් සැලුම්කළ ප්රහාරයක් - අගමැති
ශ්රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ ප්රහාරය දීර්ඝ කාලයක් සැලසුම් කළ ප්රහාරයක් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
" අද තිබෙන්නේ ආගමික ත්රස්තවාදයක්. මේකට අතලොස්සක් සම්බන්ධවුණත් ඇත්තෙන්නම මේක දීර්ඝ කාලයක් කළ සැලසුමක්. මේ අයට හොඳ පුහුණුවක් ලබා දී තිබෙනවා. අත්අඩංගුවට ගෙන රදවාගැනීමට පොලීසියට හා හමුදාවට බලතල ලබා දී තිබෙනවා.
පොලීසිය හා හමුදාව මේ වන විට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගණන් කියන්නේ නෑ. මුස්ලිම් ජනතාවත් මේ ප්රහාර හෙළා දකිනවා. අවුරුදු දෙකක යුද්ධයකට යන්න ඉඩ දෙන්නේ නෑ. ත්රස්තවාදය අවසන් කරන්න පියවර ගන්නවා."
popular news
-
Champa Tuesday, 23 April 2019 04:41 PM
දීර්ඝ කාලයක් සැලසුම් කරපු එකක් නෙමෙයි. අවුරුදු දෙකයි. මේක මම ඉස්සෙල්ලත් ලිව්වා. තව්හීඩ් ජමාත්ලගේ අන්තිම පහර දීම 2017 මඩකලපුවේ (වගේ මතක), පල්ලියකට. වහල් ආණ්ඩුව කිසි දෙයක් කලේ නැහැ මුස්ලිම් චන්ද හින්ද. ඊට පස්සේ 2019 වෙනකම් කිසිම සිද්ධයක් නැහැ. ඒ කාලේ තමයි තව්හීඩ් ජමාත් සංවිධානයේ නායකයා සහ අනිත් පිරිස පුහුණු කරලා තියෙන්නේ. මම ඕක ලිව්වා CT එකට. ඒ සියලු දේවල් ආණ්ඩුව දැන හිටිය. ආණ්ඩුව විතරක් නෙමෙයි ඇමරිකාවත් ඉන්දියාවත් දැන හිටිය. තුන් ගොල්ලොම මේක කොටස් කාරයෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

