නීතිපති දෙපාර්තමෙන්තුවේ දෙවැනියා ලෙස සේවය කරන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම ගැනීමේ නියමිත කාලයට පෙර එම ධුරයෙන් විශ්‍රාම යෑමට ඉල්ලීමක් කොට දින කිහිපයක් ඇතුලත එම ඉල්ලීම ඉල්ලා අස්කරගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
සිලෝන් ටී, සිලෝන් රබර් යන වචනවලට ආදේශ වන වචනය සිලෝන් කලම්බු නොව සිලෝන් ගෝල් බව අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවිම වැළැක්විය නොහැකි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකරදිය ජලජිවි පර්යේෂණ මධ්ය ස්ථානය සදහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්යා අමාත්ය දිලිප් වෙදආරච්චි මහතා විසින් අද ( 22 ) මුල්ගල් තබා එහි ඉදිකිරීම් ආරම්භ කළේය .
Read Moreස.තො.ස. සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතු වල යොදා ගැනීමෙන් රජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කොට ඇති ප්‍රතිශෝධන ඇයැදුම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරිමට එම ඇයැදුම ලබන මස 18 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (22) නියම කළේය.
Read Moreමුළු රටම අර්බුදයට ලක් කරපු එක්සත් ජාතික පක්ෂය අද අර්බුදයට ලක් වි ඇති බවත් , එය එක්සත් ජාතික පක්ෂයට දිට්ඨධම්මවේදනීය කර්මය පරිසම් දිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
Read Moreවසර හැටකට ආසන්න කාලයක් තුළ කරගත නොහැකිව තිබූ සංවර්ධනය පසුගිය වසර හතරක කාලය තුළ සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමේ ආණ්ඩුව රෝසමල් යහනාවක ඉදලා වැඩ කරන ආණ්ඩුවක් නොවන බවත් මේ ආණ්ඩුවේ අගමැතිතුමා ඇතුළු අපි සියලුදෙනාම නොයෙකුත් අභියෝගවලට මුහුණ දුන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
Read Moreවෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යවා තිබෙන බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (22 ) පැවසීය.
Read Moreමෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිවු දෙනෙකු ඊයේ (21) දින නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තමන් වෙතට භාර දුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසූවේය.
Read Moreකුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා’ මිනි ලැබ්’ නමින් කුඩා විද්‍යාගාර දිවයින පුරා ප්‍රාදේශිය මට්ටමින් පිහිටුවීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreකුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එම නිවෙස් වලින් විවිධ ආකාරයේ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 60 දෙනෙකු , එරට සිට අද ( 22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
Read Moreතද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමින්නේරිය කවුඩුල්ල වන පිවිසුම තුළ පුද්ගලයින් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස් වලින් එක් අයෙකු නාවික හමුදාවේ සේවය කල අයෙකු බවත් අද (21) දින එම ස්ථානයෙදි කළ මහේස්ත්‍රාත් පරික්ෂණයෙදි ඥාතින් විසින් හඳුනා ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreදහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර ප්‍රධාන පෙළේ විවිධ සමාගම්වලින් රැකියා ලබාදීමට දැනට ම ඉල්ලීම් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කරගෙන , කොළඹ බලා රැගෙන යෑමට ,වායු සමනය කළ බස් රථයකට ගොඩ වී,එහි අසුන් ගෙන සිටි පිටස්තර පුද්ගලයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පොදු බස් රථ ගාලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreපාස්කු ඉරිදා ත්රරස්ත ප්රීහාරය පිළිබඳ සොයා බලා කරුණු වාර්තා කිරිමේ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරිමේ කාල සීමාව සැප්තැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කිරිමට අද (21) දිනයේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි.
Read More23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අද ( 21) වන බදාදා දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර, ආගමික ආශීර්වාද සහ සුභපැතුම් මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
Read Moreවෙන්නප්පුව සීනෝර් මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය වන සුපුණි දුලංජනී ප්‍රනාන්දු ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreකොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක වන බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවයේ සමාරම්භය හෙට දින සිදුවේ.
Read Moreවිශේෂකාර්යය බලකායේ නිලධාරියකු ලෙස පෙනීසිට පොලීසිය නොමග යවමින් මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින එස් ටී එෆ් විකී නැමති අනුවර්තන නාමයෙන් හැඳින්වෙන පාතාල සාමාජිකයකු මත්කුඩු මිලිග්‍රෑම් 5,200 ක් සමග අද (21) උදෑසන ගිරිඋල්ල බස්නැවතුම පිටුපසදී අත්අඩංගුවට ගත්බව ගිරිඋල්ල පොලීසිය පවසයි.
Read Moreරජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන් දිරි ගැන්වීම පිණිස ඔවුන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කරයි.
Read More2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 385,603 දෙනෙකු සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික නිකුත් කර තිබේ.
Read Moreඉන්දියාව ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාව ද එක නීති පද්ධතියක් යටතට ගත යුතු බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreපුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ බඩ කලාපය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreකොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේදි හෙරොයින් තොගයක් බෙදාහැරිම සඳහා ත්‍රිරෝද රථයකින් ගෙන යමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 22ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ තරුණ කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) මරණ දඬුවම නියම කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි 04 වැනි කැරැල්ල මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් දෙතුන් දෙනෙකු විසි වීමට ඉඩ ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
Read Moreමුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
Read Moreරටක අපි ජීවත් වෙනවා නම් එක නීතියක් තිබිය යුතු බවත්, ඒ නීතිය ජාතීන්ට, වර්ග වලට බෙදා වෙන් කළ නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreමෙවර යල කන්නයේදි නාඩු වි කිලෝවක් සදහා රුපියල් 43ක් හා සම්බා වි කිලෝවක් සදහා රුපියල් 46ක සහතික මිලක් ලබා දිමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
Read More