මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනයට අනුමැතිය
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිව ඇත.
බාලවයස්කාර දැරියන් විවාහ කරදෙන, කාන්තාවන්ට කිසිදු ස්වාධීනත්වයක් හිමි නොවන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති වහාම සංශෝධනය කළ යුතු බවට බරපතළ සංවාදයක් පසුගිය යුගයේ රට තුළ ඇතිව තිබුණු අතර මුස්ලිම් කාන්තා සංවිධාන ද මේ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කරමින් පෙරට පැමිණ තිබිණි.
ඒ අනුව විවාහ වයස, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විවාහය සඳහා කාන්තාවකගේ කැමැත්ත ලබාගැනීම ඇතුළු සංශෝධන එක්කරමින් පනත් කෙටුම්පත් සම්පාදනය කිරිම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

popular news
-
ravi Thursday, 22 August 2019 05:06 PM
කුමන ජාතියක හෝ ආගමක උනත් කාන්තාව ආරක්ශාකරගනීම රජයේ වගකීමක් ..!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

