2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 385,603 දෙනෙකු සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික නිකුත් කර තිබේ.
ඒ අනුව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) , ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) , ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) ජාතික තරුණසේවා සභාව (NYSC) මෙන්ම පුද්ගලික අංශය මගින්ද මෙම සහතික නිකුත් කර ඇත.
එහිදී නිපුණතා පාදක ඇගයීම (CBT) , පෙර දැනුම ඇගයීම (RPL) , ආයතන පාදක ඇගයීම (EBT) යන අංශ හා ක්ෂේත්‍ර යටතේ එම සහතික ලබාදීමට කටයුතු කර තිබේ.
ඒ අනුව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) ආයතනය මගින් නිපුනතා පාදක ඇගයීම් (CBT) සහතික 41802ක් , පෙර දැනුම ඇගයීම්(RPL) සහතික 119ක් ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මගින් ඇගයීම් සහතික (CBT) 22037ක් , පෙර දැනුම ඇගයීම(RPL) සහතික 50530ක් , ආයතන පාදක ඇගයීම්(EBT) සහතික 8731ක්ද පිරිනමා ඇත.
