එජාපයේ ජනපති අපේක්ෂකයා කවුරු වුණත් අපේ ජයග්‍රහණය නියතයි - මහින්ද
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවිම වැළැක්විය නොහැකි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම්මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති රැස්විමකට එක්වෙමිනි.
සාමාන්‍යයෙන් පක්ෂ නායකත්වයට ගරු නොකරන පුද්ගලයෙක්ට තවදුරටත් එම පක්ෂ නායකත්වය යටතේ කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් නිර්මාණය වී ඇති බවයි.
ජනාධිපතිවරණ අපෙක්ෂකත්වයට එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු ඉදිරිපත් කළද මේ ගැටුම තවතවත් උග්රවන බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ සජිත් පේ‍්‍රමදාස කරූ ජයසූරිය ඇතුළු සියලූ දෙනා එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා ජනතාව ගෙන ඇති තීන්දුවට කිසිදු බලපෑමක් සිදුනොවන බවද පෙන්වා දුන්නේය.
සිය ඇමරිකන් පුරවැසිභාවය ඉකුත් අපි‍්‍රයෙල් මස 17 වැනිදා ඉවත් කර ගත් බවත් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්වත් කළ බවත් මේ අවස්ථාවට එක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ද්විත්ව පුරවැසියෙක් ලෙස සඳහන් කර තමන්ට ලබාදී තිබූ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කර ශී‍්‍ර ලාංකික පුරවැසියෙක් බව සඳහන් නව ගමන් බලපත්‍රයක් මේවන විට තමන්ට නිකුත් කොට ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා , පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඇතුළු පළාත් පාලන ආයතන සභාපතිවරු එක්ව සිටියහ.

popular news
-
Nandana Thursday, 22 August 2019 09:45 PM
බලයට තියෙන කෑදරකම , මුනෙන් පේනවා ,
Reply : 0 28
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

