විවාහක කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර රුපියල් එක්ලක්ෂ හතලිස්දහසක හා පනස්පන්දහසක වටිනාකම් ඇති ගෙල බැදි රන් මාල දෙකක් කොල්ලකෑ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන බදුල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී නඩු වාරයක් සඳහා මහියංගණ උසාවිය සඳහා ගෙනවිත් සිටියදී, ඊයේ (14) දහවල් සිරකූඩුවෙන් එළියට ගැනිමේදී බන්ධනාගාර නිලධාරි
කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා කලුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරි ඒ.ආර්. ප්‍රනාන්දු මහතා නුගේගොඩ කොට්ඨාසය වෙතත් නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එල්.එස්. සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලෙසත් මාරු කර තිබේ.
Read Moreවෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කළ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
Read Moreතුන්මෝදර ප්‍රදේශයේ නොසන්සුන්තාව ඇතිවන විට ආරක්ෂක අංශ අඳින ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇඳගත් පුද්ගයෙකු සම්බන්ධයෙන් පැතිර යන විඩියෝ දර්ශන පිළිබඳව යුද හමුදාවේ අවධානය යොමුව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
Read Moreබලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විකිලිය දඔගහමුල්ල ප්‍රදේශයේ මත්තමුල්ල අමුණේ තිබි ටි 56 ජිව උණ්ඩ නවයක් සහ වෙනත් ගිනිඅවි සඳහා භාවිතා කරන ජිව උණ්ඩ දොළහක් අද (15) සොයාගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.
Read Moreවයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක සිදුවූ දේපළ හානි කිරීමේ හා පූජනීය ස්ථාන කීපයකට හානි කිරීමේ සිදුවීම් කිසියම් දේශපාලන කුමන්ත්‍රණකාරී සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස සංවිධානාත්මක කල්ලයක් විසින් සිදුකරන ලද ඒවා බවට පොලීසියට තොරතුරු හෙළිවී තිබේ.
Read Moreදැනට පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සේවයේ අවශ්‍යතාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතට පත්කර ඇත.
Read Moreරුපියල් එක් කෝටි දස ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ නෝර්වීජියානු පිය පුතු දෙපළක් ඊයේ (14) දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreමට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදි ඊයේ (14) සිදු කළ වැටලිමකදි හෙරොයින් ග්‍රෑම් 504ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමත්පැන් පානය කළ යතුරු පැදියක් පැදවු ත්‍රිරෝද රථ රියදුරෙකුට යතුරුපැදි කරුවෙකුට කඩුවකින් පහර දිමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන චෝදනා නවයක් යටතේ පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් හැට දෙදාහක දඩ මුදලක් නියම කිරිමට මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
Read Moreයුද්ධය අවසන් වී වසර 10ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්ධය පැවති වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ සැමරුම් ස්මාරකය සහ භූමිය ප්‍රදේශවාසීන් විසින් මේ දින වල එළිපෙහෙළි කරමින් සූදානම් කර තිබේ.
Read Moreමෙවර ශ්‍රීපාද සමයේදී ප්ලාස්ටික් බෝතල් ලක්‍ෂ දහයකට අධික ප්‍රමාණයක් හා පොලිතින් කවර විශාල ප්‍රමාණයක් එම භූමියට මුදාහැර තිබෙන බවට වාර්තාවන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
Read Moreමින් ඉදිරියට ප්‍රචණ්ඩකාරි ක්‍රියා කළොත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව බලය භාවිත කරමින් ඒවා නතර කිරිමට කටයුතු කරනවා.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreත්‍රස්තවාදය පරාජය කිරීමට කොන්ද පණ නැති,ඊට මුහුණදීමට හැකියාවක් නොමැති සියලු දෙනා ඉවත් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14දා) පැවසීය.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් විසින් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද (15දා) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව් ’අද’ට වාර්තාවෙයි.
Read Moreකොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ සංවර්ධන මණ්ඩලයටවැඩිපුර රුපියල් මිලියන 150- 200ක් අතර මුදලක් ගෙවා ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
Read Moreකොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තුළදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් වැල්ලම්පිට්ය තඹ කර්මාන්තශාලා හිමිකරු වු කෝටිපති ව්‍යාපාරික මෙහොමඩ් ඊබ්‍රහිම් අහමඩ් නැමැත්තාට ආගමික වතාවත් පැමිණවිම සඳහා පැමිණි බවට සැක කරන පූජකවරයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු බෝම්බකරුගේ බිරිඳගේ කොල්ලුපිටිය මල්පාර සුඛෝපභෝගි දෙමහල් නිවසේදි අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
Read Moreකලහකාරී හා නොසන්සුන්කාරී සිද්ධිවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Read Moreකොළඹ - ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයිත් බවට පැවසෙන මාතලේ - කැටවල හතමුලගාල ගමේ පිහිටි අක්කර 22 ක් පමණ ඉඩම වහාම රාජසන්තක කර එම ඉඩම කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියට මාතලේ ප්‍රා‘දේශීය සභාවට පවරා ගැනීමට කටයුතු කරන ලෙස මාතලේ ප්‍රා‘දේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (13දා) ඒකමතිකව සම්මත විය.
Read Moreකුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreමුස්ලිම් පල්ලිවල කඩු තියෙන්නේ කැලෑ කපන්න බවට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කළ බව කියන ප්‍රකාශයට විරෝධය පා පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අද (14 ) වනදා පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී සභාව තුළ විරෝධතාවයක් පැවැත්වූහ.
Read Moreරටේ ස්ථාන කිහිපයක මතුව ඇති අවාසනාවන්ත ගැටුම්කාරී සිදුවීම් දේශපාලනීකරණය කරමින් තම අවස්ථාවාදී බල ලෝභී වුවමනාවන් මුදුන්පත් කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් තවදුරටත් රට අස්ථාවර කරමින් සිටින බවත් ඔවුන් සෑම දිනකම සිදු කළේ ජාතිවාදය, ආගම්වාදය සහ අන්තවාදය තුළ ජනතාව පීඩාවට පත් කරමින් තම බලය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read Moreරටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) දින කුලියාපිටියේ දී පැවසීය.
Read Moreසමාජය තුල නිවැරදි මතය තහවුරු කිරිමට මැදහත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසිය .
Read Moreශ‍්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන ඇත.
Read Moreදරුවන් පස්දෙනෙකු ජීවත් කරවීමට පොල් කඩන අම්මා කෙනෙකු තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මෙම මාතාව නිලුෂා සඳමාලිය. මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය ගමේ කොස් ගෙඩියක් කඩා තම්බා දරුවන්ට කන්නට දී දරු සම්පතට ඇති ආදරය නිසා තවත් දරුවන් මෙලොවට බිහි කිරීම ඇයගේ එකම අරමුණ බව සතුටින් පවසන්නීය.
Read Moreඅද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඇඳිරි නිතිය පනවා තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයට රාත්‍රි 7.00 සිට හෙට අලුයම 6.00 දක්වාත්, වයඹ පළාතට අද සවස 6.00 සිට හෙට අලුයම 6.00 දක්වාත් ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreනව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ
Read Moreමෙම ගැටුම්කාරී සිදුවීම් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි සෙවිය යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.
Read More