මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ පුළුල් විප්ලවීය පරිවර්තනයක් අවශ්‍ය බවත්, ජාතික ජනබල ව්‍යාපාරයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා එය සිදුකළ හැකි බවට තමන් විශ්වාස කරන බවත් ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූවේ ඊයේ (14දා) බත්තරමුල්ල, වෝටර්ස් එජ් උත්සව ශාලාවේ පැවැති ජාතික ජනබල ව්‍යාපාරයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ,
"මෙම අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් දක්වන ලද දායකත්වය වෙනුවෙන් කමිටුව නියෝජනය කළ විද්වත් මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. අද අපේ රටේ අර්බුදකාරීම, වියවුල්කාරීම ක්ෂේත්රය තමයි අධ්‍යාපනය. අපේ රට ගොඩනැගීමේ ආර්ථික උපායමාර්ගයේ වැදගත්ම කොටසක් තමයි අධ්‍යාපනයට හිමිවෙන්නේ. විශාල වශයෙන් අපේ රටට වාණිජ ස්වභාවික සම්පත් අහිමි වුණා. මේ මානව සම්පත දියුණු කිරීමෙන් තමයි අපේ රටේ සමාජය දියුණු කළ හැකි වන්නේ.
අධ්‍යාපනය හා සමාජ අපරාධ අතරත් සම්බන්ධයක් තියෙනවා. දිළිඳුභාවයේ පහළම අඩියේ සිටින අය දිහා බැලුවම ඔවුන් අධ්‍යාපනයෙන් සිටින්නේත් ඉතාම පහළ මට්ටමක බව පෙනීයනවා. ඒ නිසා මිනිසාගේ පෞද්ගලික ආර්ථිකයට බලපාන ප්‍රධානම සාධකය බවට අධ්‍යාපනය පත් වී තිබෙනවා.
අපේ රටේ අධ්‍යාපනයේ ඇති වී තිබෙන වියවුල කුඩා ප්‍රමාණයෙන් විසඳිය හැකිද? අද අපේ රටේ අධ්‍යාපනයට පුළුල් විප්ලවීය පරිවර්තනයක් අවශ්‍යයි. අපි විශ්වාස කරනවා ජාතික ජනබලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ එය කළ හැකියි කියලා. අද අපේ අධ්‍යාපනය තියෙන්නේ පාසලෙන් එළියේ. දරුවා පාසලට යන්නේ පුරුද්දට. අධ්‍යාපනය ගන්නේ පාසලෙන් නෙමෙයි පිටින්.
අධ්‍යාපනය යළි පාසල තුළට ගෙන ඒම අපේ පළමු අරමුණයි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ 28,000ක් වගේ පිරිසක්. පළමු වසරට ඇතුළත් වන දරුවන්ගෙන් සියයට 28ක් වත් උසස් අධ්‍යාපනයට යොමු කරවීම හා අනිත් දරුවන් නිසි වෘත්තීය නිපුණත්වයක් සහිත දරුවන් බවට පත් කිරීම අපේ දෙවැනි අරමුණයි. දැන් දරුවාගේ සියලු බර පැටවෙන්නේ දෙමවුපියන් මත. දරුවන් දෙදෙනෙක් පාසල් යන පවුලකට මේක දරාගන්න බෑ. දරුවාගේ සියලු බර රාජ්‍ය වෙත පවරා ගැනීම යන අරමුණු ඇතිව මෙම ප්‍රතිපත්ති හදලා තියෙන්නේ.
දරුවාගේ පාසල් අධ්‍යාපනය ආරම්භ වෙන්නේ පෙරපාසලෙන්. පූර්ව ළමා විය සංවර්ධනය කිරීම සඳහා සුදුසු අය එම කාර්යයේ යෙදවීම අනිවාර්ය දෙයක් ලෙස අපි සලකනවා. පළමු දරුවන් ඇතුළත් කරගන්න වැඩිම ඉල්ලුම් තියෙන්නේ පාසල් 36කට පමණයි.
ඒ පාසල්වලට අයදුම්පත්‍ර ලක්ෂයක් එනවා. ළමයි 8,000යි ගන්නේ. 92,000ක් කපනවා. පාසල් 1,845කට ළමයි 05කට වඩා අඩුයි ළමයි ඇතුළත් වෙලා තියෙන්නේ. එකම ළමයෙක්වත් ඇතුළත් නොවුණ පාසල් 433ක් තියෙනවා. පාසල් අතර විෂමතාවට විසඳුමක් අවශ්‍ය වෙලා තියෙනවා. පාසල් පද්ධති යළි ස්ථානගත කිරීම පිළිබඳ නැවත නැවත කල්පනා කළ යුතුව තිබෙනවා.
පාසල්වලට දරුවන්ට යන්න වෙලා තියෙන දුර ප්‍රමාණය නිසා අද දරුවෝ විශාල ප්‍රමාණයක් මානසික ආතතියට ලක්වෙලා තියෙනවා. ආසන්න වශයෙන් දරුවෝ 1,000කින් අඩුම තරමේ දරුවෝ 50ක් වත් සෑම මසකට වරක්ම මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න යනවා. දරුවන්ට ළමා කාලය අහිමි වෙලා. දරුවන්ට අවශ්‍ය ළමා කාලය හිමිවන අධ්‍යාපන ප්රතිපත්තියකට අපි යා යුතුයි.
ගුරුවරුන්ට නව දැනුම ගලා එන පුහුණු පාඨමලා ක්‍රියාත්මක කළ යුතුයි. ගුරු පුහුණුව අතිශය වැදගත්. ගුරු වෘත්තීය අවම වශයෙන් අපේ රටේ ප්‍රධාන වෘත්තීන් 10 තුළට ඇතුළත් කළ යුතුයි." යනුවෙනි.
නවෝද්‍යා පවනි

