කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් වැඩිදුර කළ ප්රශ්න කිරීම්වලට අනුව කිලෝ 15ක් බරැති පැති බෝම්බ දෙකක් සොයාගත් බව පොලීසිය පවසයි.
යාපනය කොන්ඩාවිල් ප්ර දේශයේ ඉඩමක වල දමා තිබියදී මෙම පැති බෝම්බ දෙක සොයාගත් බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
