saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10214 hours ago

LATEST

උත්සව සමයට හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට

calendar_today 2019 නොවැ 28 - 14:07 remove_red_eye - 401  

එළඹෙන උත්සව සමයේ දී හිගයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඊසාන දින මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ස්ථාපිත වී ඇති හෙයින් දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මාදුරුඔය ඉසෙඩ් .ඩ් ප‍්‍රධාන ඇළට වෙහෙරගල ප‍්‍රදේශයෙන් අද (28) වෙනිදා අලූයම වැටි සිටි වනඅලියෙකු වෙහෙරගල වනජිවි නිලධාරින් පිරිසක් විසින් ක‍්‍රියාත්මක කල පැය හතරක මෙහෙයුමකින් අනතුරුව ගොඩගෙන අලූත්ඔය රක්ෂිතයට පළවා හැරිමට කටයුතු කලහ.

Read More

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සයදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

Read More

එල්.ටී.ටි. මහවිරු සමරුව වතුකරයේ පවත්වන ලෙස ඉල්ලමින් ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිතව දමිළ භාෂාවෙන් මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා වතුකරයේ බෙදා හැරි තරුණයින් දෙදෙනෙක් බගවන්තලාව පොලීසිය මගින් ඊයේ (27) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පැවසීය.

Read More

දකුණු පළාත් සභාව යටතේ පවතින අධිකාරි පහේ සභාපතිවරුන්ට අද (28) දින සිට සභාපතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙස වාචිකව දැනුම් දුන් බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ. යු වේලාරත්න මහතා පවසයි.

Read More

විසිදෙදහසකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඉන්නවා. ඉන් විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අයයි

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් ඊයේ (27දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා වෙත ලැබුණ බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයාද ඊයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකයෙකු තාවකාලිකව පැහැරගෙන ගොස් නාඳුනන පිරිසක් විසින් තර්ජනය කර ඇතැයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මෙම සංචාරය සඳහා රාජ්‍ය නිලධාරීන් පමණක් එක්ව සිටින අතර අමාත්‍යවරුන් සම්බන්ධ කරගෙන නොමැතිවීම විශේෂත්වයකි.

Read More

සෞඛ්‍ය ලේකම් තනතුර සඳහා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කර තිබුණි.

Read More

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙස වර්ෂ 2006 මස සිට 2015 ජනවාරි දක්වා කටයුතු කළේය.

Read More

රිදිමාලියද්ද, නාගදීප වැවෙහි පිටවානෙහි ආරක්ෂාව තහවුරු කිරිම සදහා වැවතුල පිහිටා තිබෙන පස් වැටිය, මාපාකඩවැව වාරිමාර්ග ඉන්ජිනේරුවරියගේ අනුදැනුම මත පස් කැපීම සදහා යොදා ගැනීම, ගොවි සමිති නියෝජිතයන්ගේ විරෝධතාවයෙන් අද (27) නතර කෙරිනි.

Read More

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවන්හි සභාපතිවරුන් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්වීම් ලිපි ප්‍රධානය කර තිබේ.

Read More

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප‍්‍රදේශයේ මහපරිමාණ සහල් මෝලක් තුළ පණුවන් සහ ගුල්ලන් සහිත කල් ඉකුත් වු සහල් තොග අලූත් සහල් වලට මිශ‍්‍ර කර ඇසුරුම් කර තිබියදි ඊයේ (26) වෙනිදා රාත‍්‍රියේ සිදු කල වැටලිමකදි අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ ආයතන ප‍්‍රධානි එච්.ජී.සී චන්ද්‍රකුමාර මහතා පැවසිය.

Read More

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී සිදුවූ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා ඉදිරියේදී කොමිෂන් සභාවක් පත්කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රැස්වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

Read More

ජනහිතකාමී සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව උතුරේ පොලිස් නිලධාරීන්ද නගර අලංකාරය වෙනුවෙන් පිරිසිදු කිරීමට පියවර ගෙන ඇත.

Read More

පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දියාවේ සහය ලබාදෙන ලෙස ඉල්ලා අද (27දා) ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය සංදේශයක් භාරදීම සිදුවිය.

Read More

වත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා අද (27දා) ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කළත් පොලීසිය විසින් එය නවතා දැමීමට කටයුතු කළේය.

Read More

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරිමේ අරමුණින් සති දෙකක කාලයක් පුරා පැවැත්විමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 7 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය දෙසැම්බර් මස ඉරිදා (1) දින ඉන්දියාවේ පිහිටි පූනේ කුමාඕන් කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කිරිමට නියමිතය.

Read More

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදි සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක සිටි බවට චෝදනා ලැබු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරි මස 27 වැනිදා පැවැත්විමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (27) නියම කළේය.

Read More

මිලේනියම් චැලේනජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බලපොරොත්තු වන බව දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරියක වන ඇලිස් ජේ වෙල්ස් මහත්මිය සඳහන් කරයි.

Read More

මම කිව්වා ඔන්න යක්කු ටික (මාධ්‍යයට සිහන වෙමින්) කියලා. (මාධ්‍යවේදීන්ටත් හිනා) කථානායක ප්‍රශ්නය ඉවරයි

Read More

විදුලි සංදේශ ගාස්තු 25කින් කපා හැරීමට තීරණය කර තිබේ. අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

Read More

මේ වන විට අයකරන උපයන විට ගෙවන බදු සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ජනතාවට ලබාදෙන බදු සහන පැකේජය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කළේය.

Read More

වැට් බදු අනුපාතය සියයට 15 සිට සියය 8 දක්වා සියයට 7කින් කපා හරින බවත් ජාතිය ගොඩ නැගීමේ බද්දද කපා හරින බවත් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, පල්ලිවාසල් තුරේ පෙරිය සන්ධි ග්‍රාමයේ පිහිටි, ජුසේ වාස් රෝමාණු කතෝලික දේවස්ථානයේ ගබඩා කාමරයක අද (27 ) උදෑසන හදිසි ගින්නක් ඇති වි ඇතැයි, කල්පිටිය පොලීසිය පවසයි.

Read More

කන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගලේවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙන අතර මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.