ඊසාන දින මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ස්ථාපිත වී ඇති හෙයින් දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන්ම මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, බදුල්ල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 පමණ තද වර්ෂාපතනයක්ද, සබරගමුව, බස්නාහිර, මධ්‍යම හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75-100 පමණ තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
