saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9595 hours ago

LATEST

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට ඇප

calendar_today 2020 පෙබ 18 - 13:30 remove_red_eye - 386  

සැකකාර ජයන්ත සමරවීර මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ ඔහුගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ ඊයේ(17) දින පැවති අධික මාර්ග තදබදය හේතුවෙන් තම සේවාදායකයාට නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනි සීටිමට නොහැකී වූ බවත් ඒ පිළිබඳ සිය කණගාටුව පළ කරන බවත් නීතිඥවරයා අධිකරණයේදි සඳහන් කලේය.

කිසියම් දේශපාලන පක්ෂයක හෝ ආයතනයක සිටින නායකයෝ සොරකම් කරනවා නම් ඔවුන් යටතේ ඉන්න ගෝලයෝ බයක් නැතුවම හොරකම් කරනවා. යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ නිවෙස් රැසක් මංකොල්ලකා රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා රන් පවුම් 20 ක් හා රුපියල් 410,000 ක මුදලක් සොරාගත් පස් දෙනෙකුගෙන් යුත් කල්ලියක් ඊයේ 17 දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

Read More

නියගය හේතුවෙන් ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවෙන බව ප්‍රවාහණ කළමනාකරණ සේවා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නීතිවිරෝධී ආකාරයකට පස් දමා ගොඩ කර තිබෙන මීගමුව, කල්අඩිතොට්ටම් වගුරුබිම නැවත යථා තත්ත්වයට පත් කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් බලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

“ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි.

Read More

අහුන්ගල්ල වැලිවතුගොඩ ප්‍රදේශයේ ඊයේ (17) පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර සිටි තුවාලකරු අද අලුයම (18) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Read More

නීති විරෝධිව ලොරි රථයකින් එල ගවයන් 15කු ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මොණරාගල වැදිකුඹුර හංදිය ප්‍රදේශයේදි එම ගවයන් ප්‍රවාහණයට යොදාගත් ලොරිරථය සමග ඊයේ (17) පස්වරැවේ මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණ‍යක උඩුමහලකින් බිමට වැටි කාන්තාවක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක ණය ඇපකර නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා වන අනුමැතිය පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් ලබා දී තිබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

ජපානයේ යොකොහාමාහි තිබෙන මෙම යාත්‍රාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමඟ සමීපව කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දිස්ති‍්‍රක් නායකයා ලෙස එජාපය අලූත් පෙරමුණකින් ජයග‍්‍රහණය කරවනවිමට තමන් ක්‍රියා කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර මහතා පවසයි.

Read More

මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නම්කර තිබේ.

Read More

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින දස දහසකට අධික පිරිසක් රෝගීන්ට ප්‍රතිකාර කරන බවත්, මෙම පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පොළොන්නරුව පුලස්තිපුර පොලිස් වසමේ බාල වයස්කාර පාසල් පිරිමි දරුවන් හතර දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්‍ධයෙන් සැකපිට පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු (17) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් නිසා එය දින පනහක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයන සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

Read More

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ඇමෙරිකාව ගෙන තිබෙන තීරණයට එරෙහිව අද (17දා) ‘මහජන යුතුකම කේන්ද්‍රය’ ඇමෙරිකානු තානාපති කාර්යාලයට සන්දේශයක් භාරදීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවීම සඳහා වන අයදුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසන් සභාව වෙත අද (17) ඉදිරිපත් කර තිබේ.

Read More

මේ වනවිට ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද පැවති අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවෙදී සිදුවිය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සියලුම අර්බුද විසදාගෙන එක්ව තරග කිරීමේ තීන්දුව ගෙන ඇති බවත්, කුමන ලකුණින් ඉදිරිපත් වුවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

Read More

ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව යළිත් මෙම මස 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Read More

මාර්තු මාසයේ එළඹෙන පළමු වන අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවන ලෙසට ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න ඇමති මණ්ඩලය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

වඩු කාර්මිකයකු ලෙස පෙනී සිටිමින් දිවා කාලයේදී පොලිස් බල ප්‍රදේශ තුනක නිවාස ගණනාවකින් රන් අභාරණ , මුදල් සහ විවිධ භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු යක්කල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුල්විම තහනම් කිරිමේ නියෝගය භික්ෂුන් හැටියට අපි තරයේ හෙළා දකිනවා යැයි පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසිය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇප කර නැවත නිකුත් කෙරේ.

Read More

ශ්‍රි ලංකා යුධ හමුදාවේ වත්මන් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට ඇමරිකානු රජය මගින් එරටට ඇතුල්විම තහනම් කිරිම තරයේ හෙළා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් හිටපු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

රුපියල් එක් කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය හතලිස් අටක් වටිනා රත්තරන් බිස්කට් තොගයක් , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

Read More

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.