ශ්‍රි ලංකා යුධ හමුදාවේ වත්මන් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට ඇමරිකානු රජය මගින් එරටට ඇතුල්විම තහනම් කිරිම තරයේ හෙළා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් හිටපු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා එ බව කියාසිටියේ ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේදි ඊයේ (16) දින පැවැත්වු ක්‍රිඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පල කරමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ මෙරට වසර 30 ක් පැවති යුද්ධය අවසන් කිරිමට ශවේන්ද්‍ර සිල්වා මහතා උදාර සේවයක් කල යුධ හමුදා නිලධාරියෙකු බවයි.
එවැනි නිලධාරියෙකුට එවැනි තහනමක් පැනවිම ආසාධාරණ බවද පලනි දිගම්බරම් මහතා පැවසිය.
එක්සත් ජාතික පක්ෂයේ ඉදියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි කුමන ලාංජනයෙකින් තරඟ කලද තමන්ට එය ගැටලුවක් නොවන බවත්, එක්සත් ජාතික පක්ෂය තරග කරන ඕනැම ලාංජනයක් යටතේ දමිළ ප්‍රගිතිශිලි සන්ධානය එම ලාංජනය යටතේ තරග කරන බවයි පලනි දිගම්බරම් මහතා කියාසිටියේ.
වතුකම්කරුවන්ට රු. දහසක වැටුපක් ලබා දිම තමන් අගය කරන බවත්, වතු සමාගම්වල කොන්දේසිවලට යටත් නොවි වතු කම්කරුවන්ට එම වැටුප මුලික වැටුපක් වශයෙන් ලබා දිය යුතු බවයි පලනි දිගම්බරම් මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ.
