මීගමුව වගුරුබිම යථා තත්ත්වයට පත් නොකළොත් අධිකරණ ක්‍රියාමාර්ග

නීතිවිරෝධී ආකාරයකට පස් දමා ගොඩ කර තිබෙන මීගමුව, කල්අඩිතොට්ටම් වගුරුබිම නැවත යථා තත්ත්වයට පත් කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් බලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
මීගමුව කලපුවේ මෝයකට අසලින් පස් ලබාගෙන මෙම වගුරු භූමිය ගොඩ කර තිබෙන බවත්, පස් දමා ගොඩ කළ භූමියේ ක්‍රීඩාපිටියක් සකස් කිරීමට රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු පිරිසක් උත්සාහ කරමින් සිටින බවත් එම සංවිධානයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසීය.
මෙම ක්‍රියාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනියක් විරෝධය දැක්වීමත් සමග එය ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව ඇති බවත්, වගුරුබිම ගොඩ කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරිය හා අදාළ බලප්‍ර‘දේශයේ පළාත් පාලන ආයතන වගකිව යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා කෙටි කාලයක් තුළ නීතිවිරෝධී ලෙස ගෙනවිත් දමා තිබෙන පස් ඉවත් කළ යුතු බවත්, එසේ නොකළ හොත් නාගරික සංවර්ධන අධිකාරියට හා පළාත් පාලන ආයතනයට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් හේමන්ත විතානගේ මහතා පැවසීය.
මීගමුව කලපුවේ මෝයකට තුළින් හා අවට ප්‍ර‘දේශවලින් පස් ලබාගැනීම හා කලපුව ගොඩකිරීම හා අපද්‍රව්‍ය බැහැර කිරීම වැනි කටයුතු නිසා සමස්ත කලපුව තුළට දැඩි පාරිසරික හානියක් සිදුවන බවත්, මේ නිසා කලපුව රැකගැනීම සඳහාත් ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
popular news
-
Nandana Tuesday, 18 February 2020 09:43 PM
මීගමු වෙරල තීරයේ අනවසර ඉදිකිරීම් ගැනත් සොයා. බලන්න දේශපාලුවෝ බලෙන් හදන් ඉන්න හෝටල් අඩු මිලට නගරසබාවෙන් ගත්තු ඒවා ගැන සොයා බලන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
