රුපියල් එක් කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය හතලිස් අටක් වටිනා රත්තරන් බිස්කට් තොගයක් , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු 36 හැවිරිදි වියේ පසුවන කොළඹ , මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
ඔහු අද දින උදෑසන 7.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් පැළද ගෙන පැමිණි පාවහන් තුළ , මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් බර , රත්තරන් බිස්කට් 12 ක් සඟවා ගෙන , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති රේගු පරිශ්‍රය ඔස්සේ ඇවිද යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ එස්.අරුක්ගොඩ මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම රත්තරන් බිස්කට් තොගය රාජසන්තක කර , මෙම ගුවන් මගියාට රුපියල් 13 ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .
