ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවිමේ අයදුම්පත් භාරදෙයි
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවීම සඳහා වන අයදුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසන් සභාව වෙත අද (17) ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව පක්ෂයේ නායකයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නම් කර ඇති අතර එහි සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කර ඇත.
නව සන්ධානයේ සෙසු නිලතලයන් සඳහා වන්නේ :
පක්ෂයේ ලේකම් – බැසිල් රාජපක්ෂ
පක්ෂයේ නියෝජ්‍ය සභාපති – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
පක්ෂයේ නියෝජ්‍ය ලේකම් – අමාත්‍ය මහින්ද අමරවීර
පක්ෂයේ ජාතික සංවිධායකවරුන් ලෙස – අමාත්‍ය දයාසිරි ජයසේකර හා විමල් වීරවංශ
පක්ෂයේ උපලේකම් – උදය ගම්මන්පිල
පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස – තිස්ස විතාරණ, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා ඩිව්. ගුණසේකර.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10ක් පොහොට්ටුව ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා නව සන්ධානයෙන් තරග වැදීමට නියමිත බව සඳහන් කෙරේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
