MCC අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට භාරදෙයි
සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයන සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.
2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිවු පුද්ගල කමිටුව පත් කෙරිණ. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිත්වය දරයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් කමිටුවෙන් අපේක්ෂා කෙරේ. ඒ අනුව විවිධ පැතිකඩ රැසක් ඔස්සේ පුළුල් විශ්ලේෂණයක් සිදු කෙරෙමින් පවතී.
ලිපි ලේඛන විමර්ශනය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවලට සහභාගීවෙමින් තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරයි. සහශ්රක අභියෝගතා සමායතනය ගැන පූර්ණ වාර්තාවක් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.

popular news
-
Champa Tuesday, 18 February 2020 03:53 PM
මේ වාර්තාව ඇමරිකන් පුරවැසි ලංකා ජනාධිපතිට දුන්න කිව්වා නම් තමා හරි. MCC SOFA ගිවිසුම් අත්සන් කරන්න මැයි වෙනකම් ලංකාණ්ඩුව කල් ඉල්ලුව කියල ඇමරිකාව පැත්තෙන් කිව්වට මේ ගිවිසුම් ඉතා ඉක්මනින් අත්සන් කරන්න සැලසුම් කරලා තියෙනව. ඒ අතරේ ජනතාවගේ ඇස වහන්න යුධ හමුදාපතිව පාවිච්චි කරලා ඇමරිකාවට විරුද්ධ බොරු දේශප්‍රේමයක් පෙන්වන්න හදනවා. 2015 මහින්දව පරද්දපු ඇමරිකාවට විරුද්ධ වීමෙන් පටන් අරන් වහල් ආණ්ඩුවේ ඇමරිකාවට රට පාවා දෙන ගිවිසුම් වලටත් එරෙහිවීම දක්වා ගිය සිංහලයන්ගේ උග්‍ර ඇමරිකන් විරෝධය ඇමරිකාව නවත්ත ගත්තේ ඇමරිකන්කාරයෙක් ලංකාවේ ජනාධිපති කරගෙන. මහින්ද ඒ උගුලට අහුවුනා. රට ජාතිය ආගම බේරගන්න කියල පොළොවේ හැපි හැපී මොර දීපු ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ ඔක්කොම එක ඇමරිකන් ගේම් එකෙන් අද නිහඬ කරලා තියෙනව. අවුරුදු 2500 කට එහා ගිය ලිඛිත ඉතිහාසයක් තියෙන මේ පින්බිම පාවා දීමේ සාපයෙන් ගැලවෙන්න නම් හිතන්න එපා. ලංකාවෙන් බුදු සසුන නැති කරන්න හදන මේ පාවා දීමට සම්බන්ධ සියලු දෙනාට මේ ආත්මේම පල දෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
