වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින දස දහසක් ප්‍රතිකාර සේවාවල - GMOA
වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින දස දහසකට අධික පිරිසක් රෝගීන්ට ප්‍රතිකාර කරන බවත්, මෙම පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
තම සංගමය විසින් සිදුකළ සොයා බැලීමකදී මේ බව හෙළි වූ බවත්, පවතින නීතියට අනුව වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමේදී රුපියල් පන්දහසක් වැනි සුළු දඩයක් අයකර ගන්නා බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව වසර පහක සිර දඬුවමක් නියම වන ආකාරයට නීති සකස් කළ යුතු බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව රට තුළ ක්‍රියාත්මක වන ආයුර්වේද බටහිර හෝමියෝපති වෛද්‍ය ක්රමයන් යටතේ අධ්‍යාපනය ලබා ඉගෙනගත් වෛද්‍ය ක්‍රම‘යෙන් පරිබාහිර වෛද්‍ය ප්‍රතිකාර කරන පිරිසක්ද රට තුළ සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

popular news
-
rohan Monday, 17 February 2020 09:39 PM
ඕගොල්ලන්ග ආණ්ඩුවනේ තියන්නේ එනිසා ඕනේ විදියට නීති හදාගෙන හොද දෙයක් කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
