saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9528 hours ago

LATEST

ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් බඳියි

calendar_today 2020 මාර් 04 - 18:11 remove_red_eye - 352  

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අද (04 දා) දිනය වන විට ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත්කර තිබෙන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික් තක්සේරු කාර්යාලයෙහි පවතින තක්සේරු නිලධාරී හිගය හේතුවෙන් දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන්හි තක්සේරු කටයුතුවලට බාධාවක්ව ඇති බව දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අනාවරණය විය.

Read More

එසේම ඔවුන්ට එරෙහිව විදේස් ගමන් තහනම් කිරීමටද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

COVID-19 වසංගතයට එරෙහිව චීනය ගෙන යන සටනට සහයෝගය දැක්වීම පිළිබඳව සිය කෘතවේදීතාව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පිංගේ බිරිඳ පෙන්ග් ලියුආන් ශ්‍රී ලංකාවේ බාලිකා පාසලක සිසුවියන් පිරිසකට පිළිතුරු ලිපියක් එවා තිබේ.

Read More

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීමට සඳහා හැඳල ලාදුරු රෝහල යොදා ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කෝරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ප්‍රථම ථම නිරෝධායන මධ්‍යස්ථානය බවට එය පත්වෙනු ඇත.

Read More

බැඳුම්කර වංචා ක්‍රියාව අපරාධයක් බවත්, මේ නිසා මෙම අපරාධය වටා සිටි සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් දෙන තැනකට යනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් දෙන ඕනම තැනකට යනවා. ගිහින් දිනනවා.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන චීන ජාතිකයන්ගේ සංඛ්‍යාව මේ වන විට අඛණ්ඩවම පහළ යමින් සිටියි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ මස 09 වන දින සිට 16 වන දින දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකරන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීම තහනම් කර තිබේ. මාර්තු 8 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ තවත් තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

වැලිකඩ ප්‍රදේශයේ සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට මෙම විදෙස් තහනම පනවා තිබිණි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරෙහි වෙනසක් සිදු කර අලියා ලකුණින් ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළ කළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරයා කියන දේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා කළේ නෑ. අගමැතිවරයා කියන දේ ජනාධිපතිවරයා කළේ නෑ.

Read More

යුරෝපය තුළ වැඩිම කෝවිඩ් 19 රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන ඉතාලිය තුළ නව ‍නිරෝධායන කලාපයක් ස්ථාපිත කිරීමට ඉතාලි සෞඛ්‍ය අංශයන්හි අවධානය යොමුව තිබේ.

Read More

කොදෙව් කණ්ඩායම විස්සයි20 තරග රටාව තුළ කිසිදු අවස්ථාවක අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් බවත්, තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඔවුන් සතුව සිටින බවත් ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.

Read More

අඟහරුවාදා දිනය අවසන් වින විට දකුණු කොරියාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 5186ක් වූ බවත් මරණ සංඛ්‍යාව 31ක් වූ බවත් https://www.southkoreanews.net/ වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරයි.

Read More

තමන්ට ලබා ගැනීමට තවත් දෙයක් නොමැති බවත් ලංකාවෙන්ම පැමිණි ඉල්ලීම අනුව මෙවර මහ මැතිවරණයට තරග කරන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිස්න මහතා ඊයේ 03 දා දිඹුලාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.

Read More

සෑම නිවසකටම විදුලිය පිරිමසන විදුලි බල්බ ලබා දීමේ ව්‍යාපෘතිය ඇණ හිටීම නිසා විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිවී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

තමාගේ ඡන්ද පොළට ගොස් ඡන්දය සීමට නොහැකි යැයි සාධාරණ බියක් ඇති තැනැන්තන්ට වෙනත් ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරිමට ඉල්ලුම් කිරීමට ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මේ අනුව වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර එම සංඛ්‍යාව 19කි.

Read More

අනුරාධපුර ශ්‍රී සාරිපුත්ත ආරණ්‍යයට යාබදව තිබෙන ස්වභාවික රක්‍ෂිතයෙන් අක්කර තුනක භූමියක් ක්‍රීඩාපිටියකට වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍ර‘ය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පළමු සුපිරි මෝටර් රථය වන වේගා මෝටර් රථය ජිනිවා නුවර මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1 (Joint Combined Exchange Training 2020/1) 2020 මාර්තු මස 02 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

Read More

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ නෞකාව අද (2020 මාර්තු 03) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

Read More

මැතිවරණය ප්‍රකාශයට පත්කර දින හතක් තුළ මැතිවරණයට තරග වදින බව දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතු වෙයි.

Read More

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

Read More

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍යය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් උදෙසා මේ මස 7,8,9 යන තෙදින තුළ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොව්ඩි 19 වෛරසය රට තුළට පැමිණීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස අද (03දා) සිට මගී නෞකා මගින් පැමිණෙන පිරිස්වලට වරායට ඇතුළු වීම තහනම් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

කෝවිඩ් 19 වෛරසය ශරීරගත වූ බවට සඳහන් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවට එරටදී ප්‍රතිකාර ලැබෙන නිසා ඇය ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.