මර්වින් අලියා ලකුණින් මැතිවරණයට
ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබාදෙන ඕනෑම දිස්ත්‍රික්කයකින් තරග කරන බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය.
ඊයේ (03දා) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතාගේ නිවස අසළදී මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“මම ඡන්දේ ඉල්ලනේ නැතිව, දොස්තර මහත්තයා හැමදාම වෙදකම් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් දෙන තැනකට යනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් දෙන ඕනම තැනකට යනවා. ගිහින් දිනනවා.
මම හැමදාම ඉන්නේ පක්ෂයක් එක්ක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. යූ ඇන් පී එකත් එක්ක හිටියේ යූ ඇන් පී එකත් එක්ක. මම දැනුත් ඉන්නේ යූ ඇන් පී එකත් එක්ක.
කොටන කුකුළට මොන කුකුළත් ඔට්ටුයි”
popular news
-
jayampathi Wednesday, 04 March 2020 04:31 PM
ඔබ කරන්නේ එක්සත් ජාතික පක්ෂයට හතුරුකමක්. සජිත් මහත්තයාටත් ඇප නැතිවේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
