මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට අකිල කැමති වුණා - කරූගේ නායකත්වයෙන් මැතිවරණය මෙහෙයවීමට සජිත් අකමැති නෑ
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මහ මැතිවරණය මෙහෙයවීමේ කටයුතු කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් සිදු කළ යුතු යැයි කළ යෝජනාවට සජිත් ප්‍රේමදාස මහතාගේ අකමැත්තක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරෙහි වෙනසක් සිදු කර අලියා ලකුණින් ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළ කළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙම කරුණු පිළිබද තමන් සජිත් ප්‍රේමදාස මහතා සමග පෞද්ගලිකවම සාකච්ඡා කළ බව ද හෙතෙම කියා සිටියේය.
සේනාරත්න මහතා මේ බව පැවසුවේ අද (04) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දීය.
අකිල විරාජ් කාරියවසම් මහතා ද මහලේකම් ධුරයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ බව ද සේනාරත්න මහතා කියා සිටියේය. ව්‍යවස්ථා සංශෝධන කිරීමෙන් පසු දෙපිරිස අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට ද නියමිතය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (04) පස්වරු 3ට රැස්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
