චීන ජනපති ආර්යාවගෙන් දේවි බාලිකා සිසුවියන්ට ස්තූතිය
බීජිං (ෂින්හුවා) - COVID-19 වසංගතයට එරෙහිව චීනය ගෙන යන සටනට සහයෝගය දැක්වීම පිළිබඳව සිය කෘතවේදීතාව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පිංගේ බිරිඳ පෙන්ග් ලියුආන් ශ්‍රී ලංකාවේ බාලිකා පාසලක සිසුවියන් පිරිසකට පිළිතුරු ලිපියක් එවා තිබේ.
චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට දායක වීමට ඔවුන්ව දිරිමත් කරමින් චීන ජනපතිවරයාගේ බිරිඳ මෙම ලිපිය යොමුකර ඇත්තේ කොළඹ දේවි බාළිකා විදුහලේ සිසුවියන් පිරිසකටය.
චීනය ගෙන යන සටනට සහාය පළකරමින් දේවි බාළිකා විදුහලේ සිසුවියන් පිරිසක් චීන ජනපති ආර්යාව වෙත සිතුවම් හා ලිපියක් යොමුකර තිබුණි. එම සිතුවම් හා ලිපි තමන්ට ලැබුණ බව චීන ජනපති ආර්යාව සිය ලිපියෙන් දන්වා තිබේ.
සිතුවම් ආදරයෙන් පිරී ඇති අනර්ඝ සිතුවම් බවත් එර්වා චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ අවංක මිත්‍රත්වය පෙන්නුම් කරන බව පෙන්ග් පවසයි.
මෙම සිතුවම් සඳහා ජනාධිපති ෂී සහ තමන් දැඩි රුචිකත්වයක් දක්වන බවත් ඇය පෙන්වා දුන්නාය. කෝවිඩ් වසංගතයට එරෙහි සටනේදී, ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමකම ජනතාව චීනයට ආශිර්වාද කිරීමට හා සුබ පැතුම් එක්කිරිමට කටයුතු කළ බව ඇය සිය ලිපියෙන් පෙන්වා දෙයි.
මේ වන විට චීනය සිය ජනතාව සමග එකාවන්න වසංගතයට එරෙහිව සටන් කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින බවත් වැළැක්වීමේ සහ පාලනය කිරීමේ උත්සාහයන් ධනාත්මක ප්‍රතිඵල ලබාගෙන ඇති බවත් ඇය පවසන්නීය.
වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා චීනයට විශ්වාසය ඇති බවත් ඇය පවසයි.
චීනය-ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවත් ශ්‍රී ලංකා සිසු සිසුවියන් වෙහෙස මහන්සි වී ඉගෙනමින් ද්විපාර්ශ්වික මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ තානාපතිවරුන් බවට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පෙන්ග් පැවසීය.

popular news
-
Kumar Thursday, 05 March 2020 08:17 AM
සුබපැතුම් යැව්වේ චීනය මස ගණනක් මෙ වෛරස ගැන තොරතුරු සගවාගෙන සිටිය නිසාද. මස ගානකට පසු ඉවසන්න බැරිමතැන වෛද්‍යවරයෙක් මෙ ගැන ලොවට රහසිගතව දැනුම් දුන්නා. කලින් ලොවට දැනුම් දුන්න නම් දැනට තත්වය නොතිබෙන්න ඉඩ තිබුණා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
