අනුරාධපුර ශ්‍රී සාරිපුත්ත ආරණ්‍යයට යාබදව තිබෙන ස්වභාවික රක්ෂිතයෙන් අක්කර තුනක භූමියක් ක්‍රීඩාපිටියකට වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍ර‘ය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයෙකු විසින් මීට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවත්, මෙම ස්වභාවික රක්ෂිත කොටස උලුත්කුලම ස්වභාවික රක්ෂිතයට අයත් බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
පුත්තලම - අනුරාධපුර ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති මෙම භූමිය කොහොඹ, නැඳුන්, හල්මිල්ල, ඇට්ටේරියා වැනි විශාල ශාකවලින් යුක්ත බවත්, මෙම භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවත් පරිසර යුක්ති කේන්ද්‍ර‘ය සඳහන් කරයි.
මැතිවරණ පොරොන්දුවක් ලෙස ස්වභාවික රක්ෂිතයේ අක්කර තුනක භූමියක් ක්‍රීඩා පිටියක් බවට පත්කිරීමට සැලසුම් කර තිබෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි.
