රාජ්ය බලය, දේපළ හා නිලධාරීන් මැතිවරණයේදි අයුතු ලෙස භාවිත කරලා
රාජ්ය බලය, දේපළ හා නිලධාරීන් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අයුතු ලෙස භාවිත කිරීමේ සිද්ධීන් තිස්තුනක් මේ වන විට වාර්තා වී තිබෙන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.
පසුගිය මස 20වන දින සිට අද (28දා) දිනය දක්වා කාලය තුළදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ පැමිණිලි හාරසිය පහළොවක් වර්තා වී තිබෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි.
මෙම පැමිණිල අතර දේශපාලන ආරමුණ ඇතිව සංග්රහ කිරීම් පිළිබඳ පැමිණිලි 44ක් හා නීතිවිරෝධී ප්රචාරක කටයුතු පිළිබඳ සිදුවීම් 237ක් වාර්තා වී තිබෙන බවද සඳහන් කරයි.
නීතිවිරෝධී පක්ෂ කාර්යාල පවත්වා ගෙන යාම පිළිබඳ පැමිණිලි 37ක් හා ප්රචණ්ඩ ක්රියා පිළිබඳව පැමිණිලි 20ක් ලැබී තිබෙන බවත්, මෙම පැමිණිලි තුළ පහරදීම් සිද්ධීන් හතරක්ද ඇතුළත් බව එම සංවිධානය සඳහන් කරයි.
මෙම කාලය තුළදී දේශපාලන පක්ෂ කාර්යාල 06කට හානි සිදුකර තිබෙන බවත්, තර්ජනය කිරීම් හා බියවැද්දීම් සිද්ධීන් 08ක් වාර්තා වී තිබෙන බවද පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

