වැස්ස නිසා එළවළු මිල ඉහළට
මේ දින වල වැලිමඩට ඇදහැළෙන අධීක වර්ෂාව හේතුවෙන් කැප්පෙටිපොල විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසයි.
දැනට සති දෙකක පමණ සිට දහවල් 12 න් පමණ පසුව සවස් වන තුරුම මෙලෙස අධික ලෙස වර්ෂාව ඇද හැලෙන අතර මේ හේතුවෙන් ගොවින්ගේ වගා බිම් වලට හානි සිදුව ඇති බවත් මේ නිසා එළවළු අස්වනු විනාශ විම නිසා මෙලෙස ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන අස්වනු ප්‍රමාණය අඩුවි ඇති බව ගොවින්ද පවසති.
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මේ වන විට
බෝංචි කිලෝවක තොග මිල රුපියල් 500 ත් 550 ත් අතර මිලකත්
මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700 ත් 800 ත් අතර මිලකත්
වම්බටු කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර මිලකත්
තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 500 ත් 550 ත් අතර මිලකත්
බීට්රුට් කිලෝවක තොග මිල රුපියල් 280 ත් 300 ත් අතර මිලකත්
අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 200 ත් 220 ත් අතර මිලකත්
කැරට් කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර මිලකත්
ගෝවා කිලෝවක තොග මිල රුපියල් 300 ත් 320 ත් අතර මිලකත්
නෝකෝල් කිලෝවක තොග මිල රුපියල් 200 ත් 220 ත් අතර මිලකත් පවතී .
වැලිමඩ කුමාරගෙ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

