පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කල විශ්රාමික පොලිස් සැරයන්වරයෙකු වංගු සහිත ස්ථානයකදී ධාවනය වෙමින් තිබූ, එම බස් රථයෙන් බිමට ඇද වැටී ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (27දා) ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළමු පටුමග, බෝධිරාජපුර, මිහින්තලා පාර කුරුන්දන්කුලම ලිපිනයේ පදිංචිව සිටි ගුණසේකර මුදියන්සේලාගේ ජයරත්න (22235) නැමැති විශ්රාමික පොලිස් සැරයෙන්වරයෙකි.
අනුරාධපුර පැරණි බස් අසල වංගුවේදී ඉකුත් විසි පහ දා මෙම අනතුර සිදුව ඇති අතර, බස් රථය මාකට් පෙදෙසේ සිට පරණ බස් නැවතුම්පල දෙසට ධාවනය කරමින් සිටියදී කොන්දොස්තර ලෙස සේවය කරමින් සිටි විශ්රාමික පොලිස් නිලධාරියා පිටුපස දොරෙන් බිමට ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී 27දා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
බස් රථයේ රියදුරා ලෙස කටයුතු කල තලාව මුදුනේගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන 25දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 26දා ඇප මත මුදාහැර ඇති අතර, මෙම මරණය සිදු වීමෙන් අනතුරුව යලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීරයක් මත මුදා හැරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබේ.