saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 1407 hours ago

LATEST

විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ප්‍රථම වරට කාන්තාවක්

calendar_today 2025 මැයි 15 - 17:29 remove_red_eye - 1011  

එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි ප්‍රථම කාන්තා නියෝජනය සිදු කරමින් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි වැඩ භාර ගනී.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක මුදලක් ලබා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය නිවේදනය කරයි.

Read More

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.

Read More

පොලොන්නරුව සිරිපුර බාල පොහොර ජාවාරම්කරුවාට අයත් කියන තවත් බාල පොහොර පටවා ගත් ලොරියක් දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ සඟවා තිබ්යදි 15 වෙනිදා සවස සොයා ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.

Read More

විසර්ජන පනත් කෙටුම්පතින් කාන්තා කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන අඩු කිරීමට පසුගිය රජය කටයුතු කිරීමට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකයන් පිරිසක් බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පවත්වන ලද විරෝධතාවට බාධා කරමින් පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කිරීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි 19 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කළේය.

Read More

අපවිත්‍ර දෑත්වලින් දන්සලක ආහාර සකස් කළ බව කියන වෘත්තීය අරක්කැමියන් සිවු දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Read More

නවසීලන්ත පාර්ලිමේන්තුවේ ‘හකා’ නර්ථනයේ යෙදුන මන්ත්‍රීවරුන් තිදෙනෙකු​ට පාර්ලිමේන්තුව දින 21කට අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

ආරච්චිකට්ටුව සීමාසහිත විවිධ සේවා සමූපාකාර සමීතියට ඉතිහාසයේ ප්‍රථම වතාවට නව පාලක පක්ෂයක් වන ජාතික ජනබල වේගය කණ්ඩායමකට බලය ලැබීමෙන් පසු 14දා එහි අධ්‍යක්ෂ මණ්ඩලය පිහිටවනු ලැබීය.

Read More

වත්මන් ආණ්ඩුව නුදුරු දිනකදීම 25% ත් 30%ත් අතර ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බවත් එවැනි තත්ත්වයක් යටතේ ජන ජීවිතය පමණක් නොව මුළු මහත් කර්මාන්ත පද්ධතියම ඉතා විශාල ගුණයකින් අර්බුදයක් කරා තල්ලු වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

2025 අයි.පී.එල්. තරගාවලියේ ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එක්වන බව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තහවුරු කර තිබේ.

Read More

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33000ක් ප්‍රවාහනය කල පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරලීමෙන් සිදු වූ ඉන්ධන කාන්දුවෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13000ක් පමණ අඩු වී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකිර්ණයේ නිළධාරියෙකු පැවසීය.

Read More

තණමල්විල උඩවලව මාර්ගයේ උඩවලව ජලාශය ආසන්නයේදී (14) වෙනිදා උදෑසන 04.30 පමණ මෝටර් රථයක් පාරෙන් ඉවතට ගොස් ගසක හැපී අනතුරක් සිදුවී තිබේ.

Read More

කොත්මලේ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් (14) දින පස්වරුවේ සිදු වූ වෑන් රථ අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භකර ඇති බව නුවරඑලිය කොට්ටාශභාර පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතා පැවසීය.

Read More

පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ බාල පොහොර ගෙනවිත්, ප්‍රමිතියෙන් යුත් පොහොර බවට වෙනත් මළුවල අසුරා මහා පරිමාණ ජාවාරමට සම්බන්ධයෙන් ඉකුත් 14 වෙනිදා පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකපිට අත්අඩංගුවට ගත් එහි කළමනාකාරවරයා, රියදුරු, ඇතුළු සේවකයින් 12 දෙනා සිරිපුර පොලිසිය මගින් 14 වෙනිදා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් මේ මස 28 වෙනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ලෙසට එහි මහේස්ත්‍රාත්

Read More

මෙවර සිරිපා වන්දනාවාරය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩු, සුමන සමන්දේව ප්‍රිතිමාව සහ පුජාභාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සුමන සමන් දේවාලයේ තැන්පත් කිරිම 14දා සිදුවිය.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ රත්තොට ප්‍රාදේශිය සභාවන්හි බලය පිහිටුවා ගැනිම සදහා ප්‍රධාන දේශපාලන පක්ෂවල අනෙකුත් පක්ෂවල සභිකයින් දිනා ගැනිමේ මෙහෙයුමක දියත් වි ඇති බව දේශපාලන පක්ෂ ආරංචි මාර්ග කියයිි.

Read More

දෙමටගොඩ පොලිස් වසමේදි පසුගිය ‍13දා පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙක් දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී කොල්ලකන ලද රන් භාණ්ඩ විකුණා ලබාගත් රුපියල් 1,345,000/= ක මුදලක්, අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන 02 ක් ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

Read More

බදුල්ලේ සිට නුවරඑලිය හරහා අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් 21 දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

Read More

රුපියල් කෝටි හතක වැට් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරෙන්තු 07ක් නිකුත් කර සිටි ලංකාවේ ප්‍රසිද්ධ නැව් සමාගමක අධ්‍යක්ෂකවරියක් දැඩි කොන්දේසි සහිත ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (14) නියෝග කළේය.

Read More

ජාතික හෙද විශ්ව විද්‍යාලය නුදුරු කාලසීමාව තුළදීම ආරම්භ කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Read More

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරිවරයකු ලවා පරීක්ෂා කර ඔහුට ඇති රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද (14) නියම කළේය.

Read More

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය, රදැල්ල ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් බවුසර් රථයක් අද (14) සවස පෙරෙළීයාමෙන් අනතුරකට ලක්ව ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

Read More

රම්බොඩ, ගැරඬිඇල්ල බස් අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ ඔත්තේ කඩේ ආසන්නයේ දී වෑන් රථයක් අද (14) සවස ප්‍රපාතයට පෙරෙළීයාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 12කු තුවාල ලබා ඇතැයි කොත්මලේ පොලීසිය පවසයි.

Read More

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කිරීම අද (14) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි

Read More

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.

Read More

ග්‍රීසියේ කාකෝස් දූපතේ රික්ටර් මාපක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක් හට ගෙන ති​බේ.

Read More

මෙවර වෙසක් දිනයට සමගාමීව පාර්ලිමේන්තු සංකීර්ණය, දියවන්නා ඔය ඇතුළු කලාපය වෙසක් සැරසිලි හා විදුලි බුබුළුවලින් ආලෝකවත් විය.

Read More

ලබන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.