කොත්මලේ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් (14) දින පස්වරුවේ සිදු වූ වෑන් රථ අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භකර ඇති බව නුවරඑලිය කොට්ටාශභාර පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතා පැවසීය.
බදුල්ලේ සිට නුවරඑලිය හරහා අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් 21 දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්වයේ සිටි තුවාලකකරුවන් 18 දෙනෙකු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
වෑන් රථය අනතුරට පත් වූ ස්ථානයේ සිටි එම වතුයායේ වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව තුවලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරිමට පියවර ගත්හ.
තුවාලකරුවන් අතර කුඩා ළමුන්ද කිහිපදෙනෙකු සිටි බවයි කොත්මලේ ප්‍රාදේශීය රෝහල් දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඉමේෂ් වීරතුංග මහතා කියා සිටියේ.අනතුරින් වෑන් රථටයටද දැඩි අලාභ හානි සිදු වි ඇත. අනතුර පිළිබද කොත්මලේ පොලිසිය පරික්ෂණ පවත්වයි.
