මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ රත්තොට ප්‍රාදේශිය සභාවන්හි බලය පිහිටුවා ගැනිම සදහා ප්‍රධාන දේශපාලන පක්ෂවල අනෙකුත් පක්ෂවල සභිකයින් දිනා ගැනිමේ මෙහෙයුමක දියත් වි ඇති බව දේශපාලන පක්ෂ ආරංචි මාර්ග කියයිි.
මෙවර මැතිවරණයේදි උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිධූර 11ක් ලබා ගැනිමට ජාතික ජන බලවේගය සමත්වු අතර කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනිමට නොහැකි තත්වයක් මත දේශපාලන පක්ෂ විසින් අනෙකුත් පක්ෂවල මන්ත්‍රිවරුන්ගෙන් සමන්විතව බහුතර බලයක් ලබා ගැනිම සදහා රහස් සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර තිබේ.
ඒ අනුව සමගි ජන බලවේගය විසින් මන්ත්‍රිධුර 7ක්ද එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රිධුර 3ක්ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිධුර 2ක්ද එක්සත් ජාතික සන්ධානය,පොදුජන එක්සත් පෙරමුණ,සර්ව ජන බලය,ජන අරගල සන්ධානය යන පක්ෂ විසින් එක් මන්ත්‍රිධුරය බැගින් දිනා ගෙන ඇති අතර උකුවෙල ප්‍රාදේශීය සභාවේ මුළු සභිකධුර 27කි.
රත්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිධුර 11ක්ද සමගි ජන බලවේගය විසින් මන්ත්‍රිධුර5ක්ද එක්සත් ජාතික පක්ෂය විසින් මන්ත්‍රිධුර 4ක්දලංකා කම්කරු කොංග්‍රසය විසින් මන්ත්‍රිධුර 2ක්ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් මන්ත්‍රිධුර 2ක්ද සර්ව ජන බලය විසින් එක් මන්ත්රිධුරයක්ද ජන අරගල සන්ධානය විසින් එක් මන්ත්රිධුරයක්ද එක්සත් ජාතික සන්ධානය විසින් එක් මන්ත්රිධුරයක්ද හිමිකර ගෙන තිබේ.
මෙහිදි කාන්තා නියෝජනය සදහා පත් කිරිම් පරාජිත පක්ෂ විසින් පත් කිරිම නිසා දැඩි අර්බුද කාරිතත්වයක් මතුව ඇති අතර පසුගිය පාලන කාලයේ පක්ෂ නියෝජනය කළ පිරිස් පරාජයට පත්ව ඇති අතර ඔවුන්ද සභිකධුර ඉල්ලා සිටිම නිසා ඒ ඒ පක්ෂවල ආසන සංවිධායකවරුන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද සංවිධායකවරු කිහිපදෙනෙකුම අදහස් දක්වමින් පැවසිය.
මහේෂ් කීර්තිරත්න