රම්බොඩ, ගැරඬිඇල්ල බස් අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ ඔත්තේ කඩේ ආසන්නයේ දී වෑන් රථයක් අද (14) සවස ප්රපාතයට පෙරෙළීයාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 12කු තුවාල ලබා ඇතැයි කොත්මලේ පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබුවන් කොත්මලේ ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තුවාල ලැබුවන් කීප දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා ගම්පොල ශික්ෂණ රෝහලට මාරු කොට යැවීමට පියවර ගෙන තිබේ.
රාජාංගනය ප්රදේශයේ පිරිසක් නුවරඑළියට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර මේ පිළිබඳව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ/හැටන් රංජිත් රාජපක්ෂ









