ආරච්චිකට්ටුව සීමාසහිත විවිධ සේවා සමූපාකාර සමීතියට ඉතිහාසයේ ප්රථම වතාවට නව පාලක පක්ෂයක් වන ජාතික ජනබල වේගය කණ්ඩායමකට බලය ලැබීමෙන් පසු 14දා එහි අධ්යක්ෂ මණ්ඩලය පිහිටවනු ලැබීය.
මෙම සමූපාකාර අධ්යක්ෂ මණ්ඩලය තෝරා පත්කරගැනීමේ නිළවරණය ඉකුත් 12දා වයඹ පළාත් සමූපාකාර කොමසාරිස් සහ රෙජිස්ටාර් වසන්ත ගුණසිරි මහතාගේ උපදෙස්මත හලාවත සමූපාකාර සහකාර කොමසාරිිස් කාර් යාලයීය නිළධාරීන් විසින් මෙහෙයවනු ලැබීය.
මෙම සමූපාකාර නිළවරණය සඳහා ප්රාදේශිික 23ක කාරක සභීකයින් 91ක් නියෝජනය කරමින් නියෝජිතයින් 20 දෙනෙකු තරග කළහ. එයින් වැඩි ඡන්ද ප්රමාණයක් ලබාගත් 07 දෙනෙකු පිළිවලින් අධ්යක්ෂ මණ්ඩලය ලෙස තෝරා ගනු ලැබීය.
අනතුරුව 14දා පැවති අධ්යක්ෂ මණ්ඩල ප්රථම රැස්වීමේදී ගත් තීරණ වලට අනුව ආරච්චිකට්ටුව විවිධසේවා සමූපාකාර සමීතියේ සභාපති ලෙස විල්පත ප්රාදේශිකයෙන් තරග කළ සුභසිංහ දුමින්ද ධරමවංශ තේරී පත්වුඅතර එහි උපසභාපති ලෙස උඩප්පුව ප්රා දේශිකයෙන් තරග කළ වෛරයියා කනගරත්නම් තේරී පත්විය.
ඒ අනුව පිළිවලින් අධ්යක්ෂ මණ්ඩලයට අධ්යක්ෂවරුන් ලෙස පල්ලම ප්රාදේශිකයෙන් තරග කළ වරණකුළසූරිය රවි නිශාන්ත කුමාර, සුරුවිල ප්රාදේශිකයෙන් තරග කළ ඒකනායක මුදියන්සේලාගේ ප්රසන්න, කරුක්කුපනේ ප්රාදේශිකයෙන් තරග කළ කේ. ජී. පී. ආර්. අප්පුහාමි, දේවාලහංදිය ප්රාදේශිකයෙන් තරග කළ එස්. ඒ. සුදත් සමීර, විජේකටුපත ප්රාදේශිකයෙන් තරග කළ සී. එච්. එච්. කේ. නිශාල් මිහිරාන් තේරී පත්විය.
මෙහිදී නව සභාපති ලෙස තේරී පත්වු සභාපති දුමින්ද ධර්මවංශ අදහස් දක්වමින් පවසා සිටියේ වසර ගනනක ඉතිහාසයේ ආරච්චිකට්ටුව සමුපාකාරය තුළ දූෂන අක්රමිකතා විශාල ප්රමාණයක් සිදුව ඇතිබවයි.
දරාගත් නොහැකි තරම් අධික ණය ප්රමාණයක් සමිතිය විසින් ගෙන ඇති අතර එම මුදල් වලින් කරපු සංවර්ධනයන් පිළිබඳව ගැටලු හා බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් විශාල වංචාවන් සිදුවී ඇතිබවට චොදනා ඇතිබවත් ඒ පිළිබඳව විදිමත් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කරන බවත් අනතුරුව සමුපාකාර සමීතිය නව මුහුනුවරකින් දූෂණයෙන් හා අක්රමිකතා කොමිස් ගැනීම් වලින් තොර ලාබ ලබන ජනතාවගේ ආයතනයක් බවට පරිවර්තනය කිරීමට බලාපොරත්තු වන බවත් නව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න.