saravita-anim2

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8913 hours ago

LATEST

අඟුලානෙන් අත්අඩංගුවට ගත් 14 දෙනාට ඇප

calendar_today 2020 ජුලි 17 - 16:53 remove_red_eye - 358  

අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා අද (17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් තිබේ.

මේ සියල්ලම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වන අතර ඒ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැත.

Read More

වලංගු බලපත්‍ර නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

Read More

සංචාරක විසා මත මෙරටට පැමිණ හැටන් නගරයේ ජොතිෂ්‍ය කටයුතු වල නියැලි සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙක් අද (17) දින සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 17) අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය. මෙම හමුව වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමන් හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය.

Read More

පසුගිය (16) වන දින පස්වරුව ලුනාව පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නියුතුව සිටි ගම් වැසියන් විශාල පිරිසක් කලහකාරි ලෙස හැසිරී පොලීසිය වෙත ගල්මුල් පහර එල්ලකර රාජ්‍ය දේපලවලට බරපතල හානි සිදු කිරීමේ වරදට එයට සම්බන්ධ කාන්තාවන් 9 ක් සමග පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු ඇතුලුව පුද්ගලයින් 14 දෙනකු අත්අඩංගුවට ගෙන අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබිනැයි ගල්කිස්ස පොලීසිය කියයි .

Read More

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෞද්ගලික ආයතනවලින් නිවාඩු ලබාගැනීමේදී මතුවන ගැටලු ඇත්නම් පැමිණිලි කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

Read More

පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කොට දහ හත් දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට 17 දා පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

ඒ අනුව මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි ව තිබෙන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව පැවසීය.

Read More

මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් බලාපොරොත්තු රැසක් සහිතව ජනාධිපතිවරයා ලෙස බලයට පත්කර ගත් තමාගෙන් ද රටවැසියාට ඵලක් නැත.

Read More

බුත්තල ගෝනගංආර පොලිස් වසමට අයත් මාලිගාවිල හැබැස්ස ප්‍රදේශයේදි වනඅලි පහරදිමෙන් අඹුසැමි යුවලක් අද (17) අලුයම මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.

Read More

අද (17) දහවල් 12.30 සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඌරුජුවා යන අයගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වන නව කොවිඩ් ආසාදිත පොකුරෙන් ආසාදිතයන් 541 වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ගෘහස්ත විදුලි පාරිභොගිකයන් වෙනුවෙන් ලබාදුන් විදුලි බිල් සහනය ව්‍යාපාරිකයන්ට හා කර්මාන්තකරුවන්ටත් ලබාදෙන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට නව කොරෝනා රෝගය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් හතළිස් එක් දෙනකු ඇතුළු හැත්තෑ තුන් දෙනෙකු අද 17 දා නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .

Read More

ලබන 20 දා පාසල් ආරම්භ කරන්නේද නැත්ද යන තීරණය අද (17දා) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (16දා) යාපනය, උතුරු මුහුදේ මන්ඩතිව් දූපතට දකුණු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .

Read More

එසේම එම පවුල්වල සමීපතමයින් 368කගේ පීසීආර් පරීක්ෂණද සෘණාත්මක වී තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 35ක් ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 138,000ක ඉක්මවා ඇත්තේ ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන රට ලෙස ඉදිරියට පැමිණෙමිනි.

Read More

හික්කඩුව පොලිස් වසමේ හෙන්නාතොට ප්‍රදේශයේදි රත්ගම පොලිස් විශේෂ බලකාය කඳවුරේ නිලධාරින් විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ,ජීව උණ්ඩ 9ක් , ටී 56 අවියක කොටසක් සොයා ගෙන ඇත.

Read More

කොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 55 දෙනෙකු 7/16 සහ 7/17 යන දින වල ගුවන් යානා 03 ක් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ලොව තෙවැනි වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වනවිට එරට සමස්ත ආසාදිත අගය මිලියනයක සීමාවේ පවතිද්දී, සමස්ත මරණ සංඛ්‍යාවද 25,000ක සීමාව කරා වේගයෙන් ළඟාවී තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස සිටිමින් අඟුලාන පොලිස් ස්ථානයට ගල් වලින් පහරදී අනර්ථය සිදුකිරීම හා පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට තුවාල සිදුකිරීමට අදාළව සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක සිට මිලියන 2ක් දක්වා ඉහළ යාම මාසයකටත් වඩා අඩු කාලයකදී සිදුව ඇති බව සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 13,744,700 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

කෝවිඩ් 19 තත්ත්වය නිසා තාවකාලිකව වසා දැමූ වැලිසර නාවික හමුදා කඳවුර හා රෝහලේ වැඩකටයුතු සෞඛ්‍ය උපදෙස් වලට අනුව මේ වන විට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සඳහන් කළේය.

Read More

ජින්තුපිටියේ සිද්ධිය මෙහිදී ප්‍රධානයි. ජපුර පරීක්ෂණාගාරයේ කරපු එක පොසිටිව් වුණා. ඒ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ තුනක් හා අයි.ඩී.එච්. එකේ පරීක්ෂණ දෙකක් කළා. ඒ පහ නෙගටිව් වුණා. ඒකයි මේක නැවැත්වූයේ. ඒක හොඳ සාකච්ඡාවකින් පසුව ගත් පොදු තීරණයක්. පසුව ජපුර පරීක්ෂණ කිරීමෙන් ඉවත් වුණා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.