මහ මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් කරුණු කිහිපයකට පමණක් නීතිපති අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි ව තිබෙන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව පැවසීය.
කොවිඩ් 19 තත්ත්වය යටතේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍යමය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ අතර එය රෙගුලාසි බවට පත්කිරීම සඳහා රජයේ ගැසට් පත්‍ර යේ පළ කළ යුතු වෙයි.
මේ සඳහා නීතිපති අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ මාර්ගොපදේශ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළේය.