සංචාරක විසා මත මෙරටට පැමිණ හැටන් නගරයේ ජොතිෂ්‍ය කටයුතු වල නියැලි සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙක් අද (17) දින සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් නගරයේ බස් නැවතුම්පොළ අසල කඩ කාමරයක් කුලියට ගෙන ජොතිෂ්‍ය කටයුතු වල නියැලි සිටි බවත් , ඉන් සැකකරුවන් දෙදෙනෙකුට නිකුත් කර තිබු සංචාරක විසා කල් ඉකුත් වි මාස හයක් පමණ ගතවෙන බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
ඉන්දියවේ බැන්ගලොර් සිට පැමිණි අය බවත් , සංචාරක විසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු වල නියැලිමට ඔවුන්ට නොහැකි බවයි සැකකරුවන් අත්අඩංගුවට ගත් හැටන් පොලීසියේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
