කැෆේ සංවිධානයෙන් දැනුම් දිමක්
ඡන්දය ප්රකාශ කිරීම සඳහා පෞද්ගලික ආයතනවලින් නිවාඩු ලබාගැනීමේදී මතුවන ගැටලු ඇත්නම් පැමිණිලි කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.
එම සංවිධානයේ පැමිණිලි ඒකකය විසින් ඊට අදාල පැමිණිලි භාරගන්නා බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කරයි.
අදාල ආයතන ප්රධානීන් සමඟ සාකච්ඡා කොට එලෙස ලැබෙන පැමිණිලිවලට විසදුම් ලබාදීමට කටයුතු කර බව ද ඒ මහතා පැවසීය.
සෑම මැතිවරණයදීම බොහෝ පෞද්ගලික ආයතන සිය සේවකයින්ගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පෙන්වා දෙන මනාස් මකීන් මහතා කියා සිටින්නේ මෙය බරපතල තත්ත්වයක් බවයි. නිසි පරිදි මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව එක් එක් සේවකයා පදිංචි ප්රදේශය අනුව ඡන්දය ප්රකාශ කිරීම සඳහා නිවාඩු ලබාගැනීම සේවක අයිතියක් බවත් එලෙස නිවාඩු ලබාදීමට ආයතන ප්රධානීන් බැදී සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මේ නිසා මෙලෙස නිවාඩු ලබාදීම සිදු නොකරන ආයතන සහ එම ප්රධානීන් සම්බන්ධයෙන් පියවර ගැනීමට කැෆේ සංවිධානය කටයුතු කරන බැවින් ඊට අදාල පැමිණිලි කැෆේ සංවිධානයේ පැමිණිලි ඒකකයේ දුරකථන අංකය වන 0114341524 ට හෝ ෆැක්ස් අංක 0112866224 ට හෝ [email protected] යන ෆැක්ස් අංකයට යොමු කරන මෙන් කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

popular news
-
Deepal Nirosh Saturday, 18 July 2020 04:32 PM
අනේ අනේ පෞද්ගලික ආයතනවල සේවකයින්ට ඇති එකම ගැටළුව ඡන්දය දැමීමට නිවාඩු ලබා ගැනීමේ අපහසුතාව විතරයි කියල ද මෙයාල හිතාන ඉන්නෙ? අඩුගානෙ පසුගිය ඇඳිරි නිති සමයේ ඔවුනට මූලික වැටුපවත් ගෙව්ව ද කියල නිකමට හොයා බැලුව ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
