පසුගිය (16) වන දින පස්වරුව ලුනාව පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නියුතුව සිටි ගම් වැසියන් විශාල පිරිසක් කලහකාරි ලෙස හැසිරී පොලීසිය වෙත ගල්මුල් පහර එල්ලකර රාජ්‍ය දේපලවලට බරපතල හානි සිදු කිරීමේ වරදට එයට සම්බන්ධ කාන්තාවන් 9 ක් සමග පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු ඇතුලුව පුද්ගලයින් 14 දෙනකු අත්අඩංගුවට ගෙන අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබිනැයි ගල්කිස්ස පොලීසිය කියයි .
මෙම සැකකරුවන් ලුනාව.මෝදරවත් .අටවන පටුමග යන පුදේශවල පදිංචි වයස 20 සිට 49 අතර වන අයද වන බවත් පොලීසිය කියයි .
මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු බස්නාහිර දකුණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රෝහන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස්මත ගල්කිස්ස මූලස්ථාන පුධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතා ඇතුලු කණ්ඩායමක් වි සින් සිදු කර ගන යනු ලබයි .
දෙහිවල එච් .එම් ධර්මපාල
