saravita-anim2

2026 පෙබරවාරි මස 18 වන බදාදා

2026 පෙබරවාරි මස 18 වන බදාදා

Latest News - timelapse 8827 hours ago

LATEST

තෙවරප්පෙරුමගෙන් රථ පෙලපාලියක්

calendar_today 2020 අගෝ 05 - 15:10 remove_red_eye - 1891  

කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රථ වාහන පෙලපාලි සංවිධානය කරමින් නොසන්සුන්කාරීව හැසිරෙමින් සිටින බව වාර්තා වෙයි

දහවල් 2 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද මට්ටම් කොළඹ 51%, කළුතර 60%, මහනුවර 55%, ගාල්ල 55%, වන්නි 56% ලෙස අද දහවල් 02 වන විට ජන්දය ප්‍රකාශයට පත්ව ඇත.

Read More

කැබ් රථයකින් සැරිසරමින් සමගි ජන බලවේගය අපේක්ෂක ජගත් පින්නගොඩ මහතාගේ රුව සහ අංකය සඳහන් කුඩා කාඩ්පත් මාර්ගයේ තැනින් තැන දමා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි .

Read More

2020 මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඡන්දය ඉල්ලා සිටි මහින්ද අමරවීර මහතා අද 05 වනදා පෙරවරු 11 ට පමණ අගුණුකොළපැලැස්ස මහානාග විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කරන ලදී.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

2020 මහමැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ ඡන්ද බල ප්‍රදේශය තුල 2020 මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 76ක් තුළදි ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වන ආකාරය දැඩි උනන්දුවකින් සිදුවන ආකරය දැකිය හැකි වු අතර දඹාන ආදිවාසින් හා මැති ඇමතිවරුද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඒ අතර වේ.

Read More

අද මධ්‍යාහ්න 12.00 වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 28 -29ත් අතර අගය පැවැතී තිබේ.

Read More

අද මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්රිතිශත අගය සියයට 34ත් අතර අගයක් ගෙන ඇති බව දිස්ත්‍රික්ක තේරිම් භාර නිලධාරින් සඳහන් කර සිටියි.

Read More

ජාතික ජන බලවේගයෙන් බදුල්ල දිස්ත්‍රික්කය සදහා තරග වදින සමන්ත විද්‍යාරත්න මහතා රිදිමාලියද්ද මධ්යක මහා විද්‍යාලයේදී පමණ ඡන්දය ප්‍රකාශ කරන ලදී.

Read More

වවුනියාව දිස්ත්‍රික්කය තුළ ඊයේ (04) දිනය නිමා වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 128 වාර්තා වී ඇති බවට වන්නි දිස්ත්‍රීක් තේරීම් භාර නිලධාරී සමන් බන්ධුල සේන මහතා පවසා සිටියේය.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය දහවල් 12.30 වනවිට 35% ඉක්මවූ බව පුත්තලම තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි.

Read More

අද පෙරවරු 11.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය අගය සියයට 25-30ත් අතර අගයක් ගෙන ඇති බව දිස්ත්‍රික්ක තේරිම් භාර නිලධාරින් සඳහන් කර සිටියි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කෙසෙල්වත්තේ දිනුක’’ නමැත්තාගේ සමීපතමයෙකු කැළණිය වටරවුම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජාතික ජන බල වේගයේ කළුතර දිස්ත්‍රික්ක අපේක්ෂක හිටපු පාලිමේන්තු මන්ත්රීා වෛද්යී නලින්ද ජයතිස්ස මහතා අගලවත්ත පිඹුර ප්‍රාථමික විදුහලේදී ඡන්දය ප්‍රකාශ කරයි.

Read More

පානදුර කුරුස හන්දිය සුධර්ශනාරාමයේ ජන්ද මධ්‍යස්ථානය අසල මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුගේ රුව සහිත අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි

Read More

ලෙබනනයේ බීරූට්හි සිදුවූ පිපිරීමෙන් එහි පහිටා තිබූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදුව ඇති බව වාර්තා වෙයි. මෙම පිපිරීමෙන් එක ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇතිබවටද වාර්තා වෙයි.

Read More

පොහොට්ටුවේ ජයග්‍රහණය ඉරහද සේ විශ්වාසයැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙවර මහා මැතිවරණයෙන් මෙරට කිසිදු දේශපාලන පක්ෂයක් ලබා නොගත් ඉතිහාස ගත ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වන බවයි.

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හෝකන්දර, රාමනායක මාවතේ සිරි සුසිල ධර්ම නිකේතනයේ පිහිටි ඡන්ද මධ්යධස්ථානයේදී අද (05) සිය ඡන්දය භාවිතා කළේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

අනුරාධපුර දහයියාගම හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් අයි. රණසිංහ හෙවත් එස්. එෆ්. ලොක්කා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

Read More

මේ වන විට පැවැත්වෙන මහ මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා හා සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත/වීඩියෝගත කර සමාජ ජාලා ඔස්සේ මුදා හැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂමට වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

2011 වසරෙන් පසුව මෙවර ඡන්ද දායකයෙක් ලෙස තමන් ඡන්ද පොළට පැමිණි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ වීරකැටිය මැදමුදලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

අද පෙරවරු 7.00 ට ආරම්භවූ 2020 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 20-25ත් අතර ප්‍රමාණයක්‌ වන බව දිස්ත්‍රික්ක තේරිම් භාර නිලධාරිවරුන් සඳහන් කර සිටියි.

Read More

මහමැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනයේ පෙරවරු 7 සිට මේ දක්වා සිදුවීම 67 ක් පිලිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි

Read More

පානදුර බෙක්කේගම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය භූමියේදී හදිසියේ අසනීප වූ පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පානදුර මූලික රෝහලේ පොලිසිය කියයි.

Read More

තමන් සලකුණු කල ඡන්දය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් නාවලපිටිය පොලීසිය මගින් අද (05) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක හිටපු අමාත්ය් රෝහිත අබේගුණවර්ධන මහතා අද(05) පයාගල කන්දවත්ත ශ්‍රී සිරිමුණිවිහාරස්ථ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු

Read More

කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඊයේ (04) දිනය දක්වා ඉතාලියේ සමස්ත මියගිය 35,171 ක් අතරින් 89% ක් මරණයට පත්ව ඇත්තේ වෙනත් කිසිදු රෝගයක් නොමැතිව සිටි නිරෝගි පුද්ගලයන් බවට තහවුරු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඡන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සමග ආරවුලක් ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවු බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්‍යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.