පානදුර කුරුස හන්දිය සුධර්ශනාරාමයේ ජන්ද මධ්‍යස්ථානය අසල මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුගේ රුව සහිත අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි
එම අත් පත්‍රිකා තොගය ද පොලීසිය බාරයට ගෙන ඇත.
මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා එම පුද්ගලයන් මෙම අත් පත්‍රිකා බෙදමින් සිට ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර අවට පදිංචිකරුවන් ය.
එම සැකකරුවන් පොලිසිය ඇප මත මුදාහැර ඇති අතර පසු දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
