ලෙබනනයේ බීරූට්හි සිදුවූ පිපිරීමෙන් එහි පහිටා තිබූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදුව ඇති බව වාර්තා වෙයි. මෙම පිපිරීමෙන් එක ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇතිබවටද වාර්තා වෙයි.
ඊයේ සිදුවූ මෙම පිපිරීමෙන් සමස්ත නගරයම සෙළවී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර 4000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.
