ඡන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සමග ආරවුලක් ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවු බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
වේයන්ගොඩ පොලිසියේ රාජකාරි කරන එම පොලිස් පරික්ෂකවරයා වතුපිටිවල මුලික රෝහලට ඇතුලත් කර සිදු කරන ලද වෛද්‍ය පරික්ෂණයේදී බිමත්ව සිටින බවට තහවුරු වීමෙන් අනතුරුව මෙසේ වැඩ තහනමට ලක්කර තිබේ.
වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටුවා ඇති පොලිස් මුරපොලේ නිලධාරින්ට මුඛ ආවරණ ලබා දීමට ගොස් ඇති පොලිස් පරික්ෂකවරයා එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමඟ කතා බහක් ඇති වී ඇත.
පසුව එම නිලධාරියා සිද්ධිය ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වාට දැනුම් දීමෙන් අනතුරුව සැකකාර පොලිස් පරික්ෂකවරයාව වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිමෙන් අනතුරුව මෙසේ වැඩ තහනම් කල බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.
