2020 මහමැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ ඡන්ද බල ප්‍රදේශය තුල 2020 මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 76ක් තුළදි ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වන ආකාරය දැඩි උනන්දුවකින් සිදුවන ආකරය දැකිය හැකි වු අතර දඹාන ආදිවාසින් හා මැති ඇමතිවරුද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඒ අතර වේ.
මහියංගණ ඡන්ද බල ප්‍රදේශය තුල ඡන්ද ප්‍රකාශ කිරිම සදහා 105,150 දෙනෙකු සුදුසුකම් ලබා සිටි.
ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ අද (05) උදැසන 10.00 පමණ දඹාන කණිෂ්ඨ විද්‍යාලයේදි තම බිරිද හා පරපුරේ පිරිස සමග එක්ව ගොසින් ඡන්දය ප්‍රකාශ කර සිටියේය.
මහියංගණ නගරයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදි හිටපු අමාත්‍ය සමගි ජනබලවේගයෙන් තරග කරන ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, හිටපු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග වදින තේනුක විදානගමගේ මහතා ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා ඡන්දය භාවිතා කරන කරන ලදි.
