අද මධ්‍යාහ්න 12.00 වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 28 -29ත් අතර අගය පැවැතී තිබේ.
ඒ අනුව දිවයිනේ සෙසු මැතිවරණ දිස්ත්‍රික්ක හා සැසදීමේදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම අඩු මට්ටමක පවතී.
දිස්ත්‍රික්ක කිහිපයකම ඡන්දය ප්‍රකශ කිරීමේ ප්‍රතිශතය සියයට 45 ඉක්මවා ගොස් තිබුණි. ගාල්ල, මාතලේ, නුවරඑළිය, බදුල්ල එසේ සියයට 45 ප්‍රතිශතය ඉක්මවූ දිස්ත්‍රික්ක වෙයි.
සෙසු දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 30- 40ත් අතර අගයක පවතී.