saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 8073 hours ago

LATEST

බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත අගය මිලියන 4ක සීමාවේ

calendar_today 2020 සැප් 03 - 06:39 remove_red_eye - 214  

බ්‍රසීලය නව කොවිඩ් -19 ආසාදිතයන් 46,934ක් සහ වෛරස් ආශ්‍රිත මරණ 1,184ක් ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 123,780ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ නවතම අපිකේන්ද්‍රය බවට ඉන්දියාව පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

Read More

අද දිනයේදී මේ වනවිට (රාත්‍රී 11.07) වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන 9ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණය නිපදවනු ලබන මධ්‍යම පළාතෙන් ඉදිරි වසර පහක කාලය තුලදී දියර කිරි නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ නංවා ගැනීමේ ඉලක්කයක් කරා ගමන් කරමින් සිටන බවත් ඒ සඳහා විශේෂ ව්‍යාපෘතින් කිිපයක් ක්‍රියාත්මක කරන බවත් මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පි. රාජනායක මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02 දා) දින ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවස වෙත ගියේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.

Read More

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ උත්සව ශාලාවක පිහිනුම් තටාකයකට වැටි බරපතළ තත්ත්වයෙන් පසුවූ සය හැවිරිදි පිරිමි දරුවකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ,හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

තවත් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3098ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

20 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

මෑතකදී ජනාධිපතිවරයා සහ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතී. මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමින් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 398 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 9/02 දින සවස ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

Read More

මේ වනවිට දකුණූ ආසියාවේ පැය 24ම අඛණ්ඩ විදුලි සැපයුමක් පවතින රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව බවත්, ඒ පිළිබදව තමා මහත් සතුටට පත්වන අතරම ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය සහ තාක්ෂණික සහාය සැපයීමට අදහස් කරන බවත්, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් තම රටේ ඉංජිනේරු ඥාණය මෙන්ම ආයෝජකයින් යොමුකිරීම පිළිබදවද තම අවධානය යොමුවන බවත්, ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර සුහද හමුවක් අද (02) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3097 දක්වා ඉහල ගොස් ඇත.

Read More

අද දින පල්ලේකැලේ ආශ්‍රිතව ඇති වු භූකම්පන තත්ත්වයට හේතු වි ඇත්තේ වික්ටෝරියා ජලාශය ආශ්‍රීතව හට ගැනිමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිදවැටිමක් බව භූ විද්‍යා හා සමික්ෂණ පතල් කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

Read More

ඌව පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරු ලෙසට ඌව ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කළ පුද්ගලික කාර්යමණ්ඩලයේ පුද්ගලයෙකුට අවිධිමත් පත්වීමක් ලබාදී ඇතැයි පවසමින් ඌව පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සේවකයන් දියත් කළ විරෝධතාවක් නිසා ඌව ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රය අද (2) උණුසුම් විය .

Read More

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් (2015-2019) පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අද 02 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

Read More

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

අපි රජයක් විදිහට මේ රටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයන බවත් රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

Read More

මට්ටක්කුලිය මැද පාර ප්‍රදේශයේදී ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි තීරෝද රථ දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූ මව මට්ටක්කුලිය පොලීසිය කියයි.

Read More

එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත් කොට 2025දී රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය අද (2දා) ගම්පහදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවැසීය.

Read More

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් කුලී නිවාසයන්හි දිවි ගෙවන පවුල් හයක සාමාජිකයින් සදහා ගණේමුල්ල, බොල්ලත ඉදිකළ නිවාස හයක් ප්‍රදානය කිරීම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

දිවයිනේ ප්‍රථම වරට උප්පැන්න සහ මරණ සහතික පරිගණක තාක්ෂණය ඔස්සේ ජනතාවට නිකුත් කිරීම අද (2දා) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ආරම්භ කරනු ලැබීය.

Read More

මේජර් ජෙනරාල් ප්‍රියංකර පෙරේරා ඇතුළු යුධ හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකුට, මේජර්වරයෙකුට සහ නාගරික සංවර්ධන අධිකාරියට මේ මස (15) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා විසින් අද (02) දින නොතෙසි නිකුත් කල බව ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අදාළව නීතිපතිට ඉදිරිපත් කළ කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.

Read More

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කල යුතු බව උඩරට පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Read More

සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ වඩු මඩුවක සඟවා තිබූ රුපියල් කෝටි 23 අධික වටිනාකමින් හොරෙයින් මත්කුඩු තොගයක් සමග වඩු කාර්මිකයෙකු (2) අත්අඩංගුවට ගත් බව මීගහවත්ත පොලීසිය කියයි

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් පූර්ණ සුවට ලැබීමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 2883ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.