විශේෂ විරෝධතාවයකින් තොරව තිහාරියේ ජනතාව පී.සී.ආර්. පරීක්ෂණයට පෙනි සිටියි
අත්තනගල්ල , තිහාරිය ප්‍රදේශවාසීන් අද දින විශේෂ විරෝධතාවයකින් තොරව පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන්ට සාමකාමීව සහාය ලබා දුන් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
මෙම ප්‍රදේශය වෙත පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් මෙම පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය බලධාරීන්ගේ සහායට පැමිණ තිබූ බවත් , එසේම ප්‍රදේශයේ මව්ලවිවරුන් 14 දෙනෙකු ප්‍රදේශය පුරා යමින් සෞඛ්‍ය පරීක්ෂණ වල වැදගත්කම සහ පී.සී.ආර්.පරීක්ෂණ සදහා අවශ්‍ය සහාය ලබා දිය යුතු බවට අවධාරණය කරමින් ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබීම මෙසේ සාමකාමී වටපිටාවක් නිර්මාණය වීමට හේතු වී තිබූ බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .
එසේම අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 45 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් අතරින් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 08 දෙනෙකු ද , කැළණිය කොට්ඨාසයෙන් 07 දෙනෙකු ද , අත්තනගල්ල කොට්ඨාසයෙන් 06 දෙනෙකු ද වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේය .
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 5,815 දෙනෙකු හමු වී ඇති අතර ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ 93,640 ක් සිදු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

