ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාරය මන්නාරමේදී විවෘත වෙයි
ශ්‍රී ලංකා රජයට අයත් ප්‍රථම සහ විශාලතම සුළං විදුලි බලාගාරය අද (08) මන්නාරමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මන්නාරම නඩුකුඩා නොහොත් තම්බපවනී සුළං විදුලි බලාගාරය ඇමරිකානු ඩෝලර් මිලියන 141 කට ආසන්න මුදලකින් වසරකටත් අඩු කාලයක් තුලදී ඉදි වූ මෙම සුළං විදුලි බලාගාරය මෙලෙස අද දින විවෘත වූ අතර එය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පළමු බලාගාරයද වෙයි.
සුළං කුලුණු 33 කින් සමන්විත මෙම සුළං විදුලි බලාගාරය මගින් මෙගාවොට් 800ක විදුලියක් උත්පාදනය කොට ජාතික විදුලි පද්ධතියට ලබා දීමට නියමිතව ඇති අතර එහි පළමු පියවර යටතේ මෙගාවොට් 103 ක ධාරිතාවක් ජතික විදුලිබල පද්ධතියට මුදාහැරීමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර මෙම තම්බපවනී සුළං බලාගාරයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 08 සහ 09 ක් වැනි මුදලක් වැය වන බවටද විදුලිබල මණ්ඩලය පවසයි.
මන්නාරම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ,ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන කාදර් මස්තාන්, කේ.දිලීපන් ඇතුලු පිරිසක් සහභාගී වූ අතර නිරෝධායන සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සුළං විදුලි බලාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සංවිධානය කොට තිබුණි.
popular news
-
L.G.P.Jathunarachchy. Wednesday, 09 December 2020 08:12 AM
Nice coastal area is covered Sri Lanka properly. Why our administrators are avoid Natural Power resources and sea tides for the purpose ?
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

