මෙරටින් වාර්තා වූ ළාබාලතම කොරෝනා මරණය අද (8) දා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වූ බව එහි අධ්යක්ෂ ජී.විජේසූරිය මහතා පැවසීය.
ඒ දින විස්සක් වයසැති මෝදර ප්‍රදේශයේ පදිංචි බිළිඳෙකු බව ද අධ්යක්ෂවරයා වැඩිදුරටත් කීය.
මෙම දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවීම නිසාත් තදබල නිව්මොනියා තත්ත්වයෙන් පෙළීම නිසාත් ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට යොමු කොට අද සවස 4 පමණ වන තෙක් එහි ප්‍රතිකාර ලැබූ බවද විශේෂඥ වෛද්‍ය ජී . විජේසූරිය මහතා කියයි .
ඒ අතරතුරදී දරුවා සහ මාපියන් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එහිදී මාපියන්ට කොරෝනා රෝගය වැළඳී නොමැති බවටත් දරුවාට වෛරස ආසාදන ඇති බවටත් තහවුරු වී තිබූ බව පැවසේ .
මෙම දරුවා මිය යාමට හේතුව ප්‍රමාද වී රෝහලට රැගෙන ඒම බැවින් යම් දරුවෙකුට රෝගයක් ඇත්නම් නොපමාව රෝහලක් කරා රැගෙන යන ලෙසට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ ජී විජේසූරිය මහතා ජනතාවට දන්වා සිටි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න