ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,650,000ක් ඉක්මවා ඇති අතර, නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ආසාදිත පොකුරු යම් තරමකට පාලනය වෙමින් පවතින බව පැවසෙයි.
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවිදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅද දින මේ වන විට (රාත්‍රී 11) වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන ගණන 43ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය 24 පුරා අඛණ්ඩව ලබාදෙන ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreකළුතර බන්ධනාගාරයේ තාප්පය උඩින් හොරොයින් මත්කුඩු සහ ජංගම දුරකථනයක් බෝලයක් ලෙස සකසා විසි කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඊට උපදෙස් ලබා දුන් කාන්තාවක් ද (01) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කළුතර උතුර පොලිසිය කියයි
Read Moreමහනුවර ඇතුළු ප්‍රදේශ කීපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 62 මිලිග්‍රෑම් 350ක් සහ රුපියල් පන් ලක්ෂයකට අධික මුදල් ප්‍රමාණයක් ද සමගින් මහනුවර පොලිසියේ කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) මහනුවර රෝහල් පටුමගේ දි සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමාලදිවයිනේ සිට මෙරටට පැමිණි සය දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වී ඇත.
Read Moreඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 236 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (1) දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3075ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreහම්බන්තොට ප්‍රදේශ කීපයකට අද (01) සවස 2.45 පමණ හමාගිය සුළි සුළඟක් හේතුවෙන් ප්‍රදේශයේ වෙළඳසැල් 37කට සහ නිවාස 10ක් සදහා දැඩි අලාභ හානි සිදුවී තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3073ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreවීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන සහ තායිලන්ත වැසියන් 13 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreජාතික වගකීම සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍ය හා සාද වැනි අවස්ථාවන්ට ජනපති ගෝඨාභය රාජක්ෂ මහතා සහභාගවීමට අපේක්ෂා නොකරන බැවිනි එවැනි අවස්ථා සඳහා ජනපතිවරයාට ආරාධනා නොකරන ලෙස ජනපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි.
Read Moreබුදුරජාණන් වහන්සේ කාන්තාවට භික්ෂුනී සසුනේ දොර විවෘත කර දුන්නද මෙරට භික්ෂුණීන් වහන්සේලාට මූලික අයිතිවාසිකම් හෝ නොමැතිව දැඩි අසරණව සිටින බවත් වර්තමාන ආණ්ඩුවෙන් හෝ තම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව භික්ෂුණී ශාසනයේ ,වැඩසිටින භික්ෂුණීන් වහන්සේලා වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර සිටිති.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවන් නීති විරෝධී අයුරින් උපයාගත් රුපියල් මිලියන 4000ක් පමණ වටිනා ඉඩම් මෙන්ම රුපියල් මිලියන 2600ක් සංසරණය වූ බැංකු ගිණුම් 102ක් අණාවරණය කර ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
Read Moreවිවිධ අපරාධවලට සම්බන්ධ එහෙත් දැනට විදේශයන්හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14ක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදන ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreඅවිස්සාවේල්ල යටියන්තොට ප්‍රදේශයේ නිවසක සිවිලිමේ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් 01 අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි
Read Moreකුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනිමට ඔහු පසුපස දිවගිය පොලිස් නිලධාරියෙකු අදාළ සැකකරු සමග අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරලී සැකකරු හා පොලිස් නිලධාරියා තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබන බව මාතලේ පොලිසිය පවසයි.
Read Moreයෝජිත විසිවන සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමුකර තිබේ.
Read Moreකදාන ආශ්‍රිත ප්‍රදේශවලට මත්කුඩු බෙදා හැරි බවට සැකකරන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුඩු රුවන් නැමැති මෙම සැකකරු දැනට බන්ධනාගර ගතව සිටින රංජිත් කුමැර නොහොත් කොණ්ඩයාගේ ගෝලයෙකි.
Read Moreකටපාඩම් කරගත් විෂය කරුණුවලට සීමා නොවී, තාර්කික බුද්ධිය සහ විශ්ලේෂණ හැකියාව සහිතව අභියෝග ජය ගැනීමේ ප්‍රායෝගික හැකියාව ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.
Read Moreජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒ අතර සඟවා වාහන මෙරටට ගෙන්වා රේගු නිලධාරින් සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන ඒවා ලියා පදිංචි කර විකිණීමේ ජාවාරමක් මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කිය
Read Moreමේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම කවුරු මෙහෙයවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මත්ද්‍රව්‍ය ජාවාරම සම්පුර්ණයෙන්ම නැති කර මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රි ලංකාවක් බවට කඩිනමින් පත් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම එස් .බි.දිසානායක මහතා පැවසිය.
Read Moreකෝවිඩ් - 19 ආසාදනය වූ තවත් 11ක් පූර්ණ සුවය ලබා තිබේ.
Read Moreමහියංගණ, සමගිපුර ප්‍රදේශයේ කලක පටන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටි “ ටයියා “ නම් නමගිය මත්කුඩු ජාවාරම්කරු හා ඔහුගේ බිරිද මත්කුඩු ග්රෑම් 03යි මිලිග්රෑම් 500ක් සමග පෙරේදා (31) සවස අත් අඩංගුවට ගත් බව මහියංගණ පොලිසිය පවසනවා.
Read Moreමෙහිදි රැකියා ලාභීන් කිසියම් හෝ පාර්ශ්වයකට අදාළ රැකියා ලැබීම හේතුවෙන් මුදල් හෝ අල්ලසක් ලබාදීමට කටයුතු නොකළ යුතුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreයාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන පාසල් සිසු සිසුවියන් 161 දෙනෙකු සඳහා උතුරු මුහුදේ මුහුදු සංචාරයක් ලබා දීමට නාවික හමුදාව පසුගිය 2020 අගෝස්තු 30 දින කටයුතු කෙරිණි.
Read Moreවයස අවුරුදු දෙක හමාරක් වන තම දියණියද සමඟ යතුරු පැදියකින් කේරළ ගංජා අලෙවි කිරීමේ යෙදී සිටි අඹු සැමි යුවළක් කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් අද 01 වනදා අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreකරදියාන කුණු කන්දට මිශ්රො සහ අවශේෂ කසල බැහැර කිරීමට නොහැකි වන ලෙස පළාත් පාලන ආයතන හතකට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් පළවෙනිදා සිට පනවා තිබූ තහනම දින කිහිපයකට අතිහිටුවමින් සීමා සහිතව කසල බාර ගැනීමට පියවර ගත්බව අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරැම මහතා පැවසීය.
Read More