saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 7227 hours ago

LATEST

නාකොටික් නිලධාරින් තවදුරටත් රිමාන්ඩ්

calendar_today 2021 මාර් 09 - 13:12 remove_red_eye - 141  

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් 03 දෙනකු හා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනකු කොරෝනා ආසාදිත බව අද (09) තහවුරු වී ඇතැයි සෞඛය අංශ පවසයි.

Read More

මුලතිව් දිස්ත්‍රීක්කයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කිරන ලද සත්‍යග්‍රහයට වසර 04 ක් පිරීම නිමිත්තෙන් අද (09) දින අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් කලු කොඩි හා කලු ඇඳුමින් සැරසී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

Read More

දේශීය නිශ්පාදන විදේශීය වෙළඳපොළවල් වෙත යොමු කිරීමට නව සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ කළමනාකරණ හා නියාමන ජාතික කමිටුව යනුවෙන් කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

කොළඹ 10 ඩී.ආර්. විජයවර්ධන මාවතේ දැනට ඉදිකෙරෙමින් පවතින මුස්ලිම් ආගමික කටයුතු මා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහා වන ගොඩනැගිල්ල තුළ බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශය හා ඒ යටතෙ වන දෙපාර්තමේන්තු ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාව හෙට (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

Read More

එනසාල් වගාව වැඩිපුරම සිදුවන්නේ ඉහළ කඳුකරයේය. කලකට පෙර එසේ එනසාල් වගාකළ ප‍්‍රදේශ මේවනවිට රක්‍ෂිත බවට නම්කර තිබේ. එනිසා රක්‍ෂිතවල එනසාල් අස්වැන්න ලබාගැනීමට මහජනතාවට අවසර නැත. මීමුරේ වැසියන් ද එකී අවසරය නැතිකමින් රක්‍ෂිතවල එනසාල් වගාවන් වල නිරතවීමට නොහැකිව සිටින බව පසුගියදා ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දී සහන ඉල්ලා සිටියේය.

Read More

ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු හා වරියන් 12 නෙකුට එරෙහිව විනය විරෝධි කටයුතු කිරිම සම්බන්ධයෙන් පක්ෂයේ මහලේකම් විසින් චෝදනා පත්‍ර ලබා දි ඇති බව ශ්‍රී.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

Read More

උඩුගම ශ්‍රි ලංගම ඩිපෝවේ සේවකයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.

Read More

නීතිඥවරියක වන රනිතා බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් පීඩාවට පත්වූ පවුල්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වයට මුහුණ දී දිවි ගලවාගත් අය හා ආගමික හා සුළුතර කණ්ඩායම් ඇතුළු ලංකාවේ වඩාත්ම අවදානම් ජනකොටස් වෙනුවෙන් පෙනී සිටින්නීය.

Read More

මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කුවේටයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙකු 03/08 දින මධ්‍යම රාත්‍රී කුවේට් සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ ගැටලු රාශියක් මේ වනවිට නිර්මාණය වී ඇති බවත්, ඒවාට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ගැටලු තවදුරටත් උග්‍ර වන බවත් එම ගුරුවරු විදුහල්පතිවරු චෝදනා කරති.

Read More

ගෝලීය වසංගතයක් බවට පත්වූ කෝවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හඳුන්වා දුන් එන්නත් මේ වනවිට ලෝකයේ රටවල් රැසක සාර්ථක අයුරෙන් ජනතාව වෙත ලබාදෙමින් සිටී. එන්නත් ලබාගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් දැඩි තරගයක් ඇතිවී තිබෙන බැවින් එන්නත අහිමි වන රටවල් වෙනුවෙන් මැදිහත් වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබිණ.

Read More

චීනයේ දැනට කොවිඩ්-19 එන්නත් 17 ක් සායනික අත්හදා බැලීම් කර ඇති අතර, ඉන් 7ක් තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වලට ලක්ව ඇති බව චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂිගාං පැවසීය.

Read More

ස්විට්සර්ලන්ත ජනතාව, එරට මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැලඳීම තහනම් කිරීමට ජනමතවිචරණයකින් තීරණය කර තිබේ.

Read More

අප්‍රිකානු මහාද්වීපයේ ඕනෑම රටක වැඩිම එන්නත් කිරීමක් සිදුකර ඇති මොරොක්කෝවේ මිලියන හතරකට ආසන්න පිරිසකට එන්නත ලබා දී ඇත.

Read More

ජනාධිපති අසාද්ගේ වයස අවුරුදු 55ක් වන අතර, ඔහුගේ බිරිඳ ඔහුට වඩා අවුරුදු 10ක් ළාබාලය. ඔවුන්ගේ ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵල ලැබුනේ සිරියාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත් ලබාදීම ආරම්භ කර සතියකට වැඩි කාලයක් ගතවීමෙන් පසුවය.

Read More

චීනයේ සීනෝවැක් කොවිඩ්-19 මර්දන එන්නතෙහි පස්වැනි තොගය පසුගියදා චිලී රාජ්‍ය වෙත ළඟවී තිබේ.

Read More

එක්සත් ජනපද කොවිඩ්-19 ආසාදිතයන් ජනවාරි 1දා මිලියන 20ක් දක්වා ළඟා වූ අතර, මාස දෙකයි දින කිහිපයකින් එය තවත් මිලියන 9කින් වැඩි වී තිබේ.

Read More

වෙරළබඩ නගරයක් වන බාටා හි නෙකොන්ටෝමා හමුදා කඳවුරේ ඇති වූ ගින්නකින් ඇති වූ පිපිරීමෙන් පුද්ගලයින් 615 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 117,112,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මේ වනවිට සිදුවන එන්නත්කරණයෙන් පසුවද මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථකරණය පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

කාර්මික රසායනික ද්‍රව්‍ය බවට රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර තොගයක් අඩංගු බහාලුමක් කොළඹ වරායට ගෙනැවිත් තිබියදී රේගු මධ්‍යම විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින එය අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු ආරම්භ කළ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී. රවිප්‍රිය මහතා පැවසීය .

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 172ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 05ක් ලෙස තවත් කොවිඩ් ආසාදිතයන් 177ක් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 507ක් දක්වා වැඩිවී තිබේ.

Read More

ඉරණතිවු ප්‍රදේශයේ ජනතාව තම අවශ්‍යතා ඉටු කර ගැනීමේදී ගමන් බිමන් යාමට යම් යම් අවස්ථාවන්හීදී ආරක්ෂක අංශ විසින් පනවා තිබු බාධා ලිහිල් කිරීමට 2021.03.08 පැවති කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණය විය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.