උසස් තනතුරු කිහිපයකට පාර්ලිමේන්තු උසස් නිලතල කමිටුවෙන් අනුමැතිය
රජය විසින් නම් කළ තානාපතිවරුන් දෙදෙනෙක්, අමාත්‍යාංශ තුනක් සඳහා නම් කළ ලේකම්වරුන්ට සහ සභාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් එම අනුමැතිය ලබා දී තිබේ.
බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති ඩී. එම්. සුමිත් දසනායක මහතාටත්, ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපති ජී. එම්. වී. විශ්වනාත් අපොන්සු මහතාටත් එම කමිටුවේ අනුමැතිය හිමිවූ බව මහ ලේකම්වරයා පැවසීය.
වනජීවී සහ වන සංරක්ෂණ අමාත්යාංමශයේ ලේකම්වරයා ලෙස එස්. විදානපතිරණ මහතා, පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම්. එන්. රණසිංහ මහතාද, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එස්. එම්. ඩී. එල්. කේ. ද අල්විස් මහතාද පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතකර තිබේ.
මෙයට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට පත්වූ අනූෂ පැල්පිට මහතාටද එම කමිටුවේ අනුමැතිය හිමි වූ බව මහ ලේකම්වරයා සඳහාන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

