ඇෆ්ගන් ජනපති හා ඇමෙරිකා පැමිණි මාධ්‍යවේදියාට කොවිඩ්
ඇෆ්ගනිස්තානයේ ජනාධිපති අෂ්රෆ් ඝානිගේ දූත පිරිස සමග ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණ සිටි මාධ්‍යවේදියෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ බව කොංග්‍රසයේ වෛද්‍ය කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ කොංග්රස් නායකයන් සමග රැස්වීම් වටයක් සඳහා ඝානි මේ සතියේ වොෂිංටනයේ රැඳී සිටින්නේ, එක්සත් ජනපද අවසන් හමුදා භටපිරිසත් ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට සූදානම් වන වටපිටාවකය.
ඇෆ්ගන් රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ මෙම මාධ්‍යවේදියා කොංග්රස් හි නායක හමුවීමට පැමිණ නැති නමුත්, ජනාධිපති අෂ්රෆ් ඝානි විසින් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි හමුවූ අවස්ථාව ආවරණය කිරීමට පැමිණ ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙසේ ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණි ඇෆ්ගන් දූත පිරිසට එන්නත් ලබා දී ඇති බව විශ්වාස කෙරෙන අතර, මෙම මාධ්‍යවේදියා දැනට හුදකලා කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

